රාජ්‍ය අංශයේ සේවකයින් 2000කට ආසන්න පිරිසක්, රැකියා සඳහා විදේශ ගතවීම සඳහා වසර පහක කාලයක් සඳහා දීර්ඝ නිවාඩු ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති බව අනාවරණය වේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ පෙර නොවූ විරූ පියවරක් සැලකිල්ලට ගනිමින් වසර පහකට නිවාඩු දමා විදේශගතව රැකියා කිරීමේ යෝජනා ක්‍රමය රජය හඳුනවා දීමෙන් පසුව මෙසෙ නිවාඩු දැමීමට පියවර ගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.
වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා රාජ්‍ය අංශයේ නිළධාරීන්ට විදේශයන්හි සේවය කිරීමට අවශ්‍ය වන වෘත්තිය පුහුණුව ලබා ගැනීමට හෝ භාෂා හා තොරතුරු තාක්ෂණ කුසලතා වැඩි දියුණු කර ගැනීමට අවසර දී තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ දත්ත අනුව මෙම නව චක්‍රලේකය හඳුන්වාදීමෙන් පසු රාජ්‍ය අංශයේ සේවකයින් 1988 දෙනෙකුට විදේශ රැකියා සඳහා අනුමැතිය ලැබි ඇත.
ඒ අනුව, විශේෂ විධි විධාන යටතේ වැටුප් රහිත නිවාඩු ලබා ගත් රාජ්‍ය අංශයේ සේවකයින්ගෙන් බහුතරයක් විදේශයන්හි විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාගෙන ඇති බව ද ගුරු, සෞඛ්‍ය, නීතිය, ආරක්ෂාව, ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය හා ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර වඩාත් ජනප්‍රිය බව අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත.
“එවැනි රාජ්‍ය අංශයේ සේවකයින් ඔවුන්ගේ නමින් විවෘත කර ඇති අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට (NFRC) මුදල් ප්‍රේෂණය කළ යුතුයි..” ඔහු පවසයි.
චක්‍රලේඛයට අනුව, ප්‍රේෂණය කිරීමට අවශ්‍ය මුදල නිලධාරියාගේ සේවා කාණ්ඩය මත රඳා පවතී, ප්‍රාථමික සේවා කාණ්ඩයේ නිලධාරීන් මසකට USD 100, ද්විතීයික සේවා කාණ්ඩයේ නිලධාරීන් මසකට USD 200, තෘතීයික නිලධාරීන්. සේවා කාණ්ඩය මසකට USD 300, සහ විධායක සේවා කාණ්ඩයේ නිලධාරීන් මසකට USD 500 වශයෙන් ගෙවිය යුතුය.
මෙම චක්‍රලේඛය යටතේ විදේශයන්හි සේවයේ නියුතු නිලධාරීන්ට ඉහත මුදල හෝ තම වැටුපෙන් 25% කින් වැඩි මුදලක් ගෙවිය හැකි බවද එහි සඳහන් විය. ප්‍රේෂණ සඳහා, පිටත්වන දිනයේ සිට මාස දෙකක සහනදායී කාලයක් ලබා දෙන අතර, එය තුන්වන මාසයේ සිට සිදු කළ යුතු බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.









