රාජ්‍ය නිලධාරීන් 60න් විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය නිකුත්වේ… චක්‍රලේඛය මෙන්න…

රාජ්‍ය නිලධාරින් අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමේ චක්‍රලේඛය නිකුත් වී තිබේ.

වයස 60 ඉක්මවා සේවය කළ හැකි වෛද්‍ය හෙද හෝ ඉංජිනේරු සේවා සම්බන්ධව කිසිම විශේෂ නම් කිරීමක් එම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර නැත. එහෙත් විශේෂඥ සේවා අවශ්‍යතාවය මත අනිවාර්ය නිවාඩු යැවීමේ වයස 60 ඉක්මවා යන ආකාරය ද   චක්‍රලේඛයේ දක්වා තිබේ.

ඒ අනුව  මෙතෙක්  පැවති 2022.01.06 නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2022 චක්‍රලේඛය  2022.12.31 දිනෙන් අවලංගු වනු ඇත

නව චක්‍රලේඛය ප්‍රකාරව 2023. 01.01 දින සිට ක්‍රියාත්මකවන පරිදි සියලු රාජ්‍ය නිලධාරින්ගේ  විශ්‍රාම ගැන්වීමේ වයස  වයස අවුරුදු 60 සේ සලකා කටයුතු කිරීම සිදුකරනු ලැබේ.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ අධිකරණ සංවිධාන පනත් මගින්  හෝ නිශ්චිතව තීරණය කර ඇති අධිකරණ සේවයේ නිලධාරීන් හැරුණු විට අනෙක් සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම චක්‍රලේඛය වලංගු වේ.


වයස අවරුදු 60 ඉක්මවා දැනට සේවයේ යෙදෙන සහ 2022.12.31 දින හෝ ඊපෛර වයස අවුරුදු 60 සම්පූර්ණවන නිලධාරීන් ට ඔවුනගේ කැමැත්ත පරිදි 2022.12.31 දින හෝ ඊට පෙර විශ්‍රාම ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම චක්‍රලේඛය පහත දැක්වේ.

 

Exit mobile version