ඇමරිකානු ඩොලර් ලක්ෂයක් (100,000) ඉක්මවා යන සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු අන්තර්ජාලය හරහා හෙළි කිරීමට නීත්‍යානුකූලව අවශ්‍ය වන නමුත් 2024 වසරේ එවැනි ව්‍යාපෘති පිළිබඳ ඉල්ලුම් කර ඇති තොරතුරුවලින් හෙළි කර ඇත්තේ සියයට 40ක් පමණක් බවත් Verité Research නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම නිවේදනය හෙළිදරව් කර ඇත්තේ විදේශ මූල්‍ය ආධාර ව්‍යාපෘති සඳහා ප්‍රසම්පාදන සම්බන්ධව නීතියෙන් නියම කර ඇති තොරතුරුවලින් ලබා දී ඇත්තේ සියයට 20ක් පමණක් බවය.
මේ තත්ත්වය පවතින්නේ රාජ්‍ය මූල්‍ය දූෂණ සම්බන්ධව බරපතලම තත්ත්වයන් විදේශ ආධාර සහිත ව්‍යාපෘති සහ ප්‍රසම්පාදන වලින් යුතු පසුබිමක පවතිද්දී ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික තීක්ෂ්ණ බුද්ධි වේදිකාවක් වන PublicFinance.LK වෙත අනුබද්ධිත වේදිකාවක්වන Infrastructure Watch හි 2024 යාවත්කාලීනයේදී අනාවරණය කර ඇති තොරතුරු මූලාශ කරගෙන Verité Research උක්ත නිවේදනය නිකුත් කර තිබේ.
.Infrastructure Watch වේදිකාව 2022 සිට තොරතුරු දැනගැනීමේ පනත යටතේ රජය බැඳී සිටින ක්‍රියාකාරී හෙළිදරව් කිරීම්වලට අදාලව රජයේ හැසිරීම නිරීක්ෂණය කරයි.
තොරතුරු දැනගැනීමේ පනතේ 9 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රි ලංකාවේ තොරතුරු දැනගැනිමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සමඟින්, ව්‍යාපෘති විස්තර, තාර්කිකත්වය සහ ප්‍රතිලාභීන්, අයවැය සහ මූල්‍ය විස්තර, අනුමතකිරීම් සහ නිෂ්කාශන, ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත්තු යන පුළුල් කාණ්ඩ පහක් යටතේ තොරතුරු ක්‍රියාශීලීව හෙළිදරව් කිරීම අනිවාර්ය කර ඇත.







