සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂ චෝර පුත්තු ඇතුළු රාජපක්ෂ නඩය රට බංකොලොත් කීවේ ඇයිදැයි මහබැංකු අධිපතිගෙන් අහනවා…

වැරැද්ද රට බංකොලොත් කළ එක ද?. බංකොලොත් බව ප්‍රකාශ කළ එක ද?. පාඨලී චම්පික රණවක අසයි...

by editor
සැප්තැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාජපක්ෂ චෝර පුත්තු  ඇතුළු රාජපක්ෂ නඩය රට බංකොලොත් කළ පසු  රටේ බංකොලොත් භාවය ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයාට එම ප්‍රකාශ සම්බන්ධව රාජපක්ෂලාම චෝදනා කිරීම  අශිෂ්ට විහිලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි. ප්‍රශ්නය  රට බංකොලොත් කිරීම ද, එසේත් නැතිනම් රටේ බංකොලොත් භාවය ප්‍රකාශ කිරීම දැයි ඔහු විමසා සිටී.

ඔහු මේ බව පැවසුවේ අද (05)  මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාලෙඩ් නසර් අල්අමේරි   හමුවී පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

රටේ ණය ප්‍රශ්නයක්  තිබුණ ද එම  ඒ ණය ප්‍රශ්නය යම්තාක් දුරකට කළමනාකරණය කරගෙන හැම රජයක්ම පැමිණි බව කී මන්ත්‍රීවරයා   රට බංකොලොත් වෙන තරමේ මුග්ධ තීරණ මේ ආණ්ඩුව ගත් බව පැවසීය.

“දැන් මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කළේ ඇයි කියලා රාජපක්ෂවරුම අහනවා මහ බැංකු අධිපතිගෙන්. රට බංකොලොත් කළේ ඒගොල්ලෝ. රටේ ධනය හොරකම් කරගෙන ගියේ ඒගොල්ලෝ. දැන් අහනවා මහ බැංකු අධිපතිගෙන් බංකොලොත් බව ප්‍රකාශ කළේ ඇයි කියලා. මේක ප්‍රකාශ කරපු එකද ප්‍රශ්නේ? රට බංකොලොත් කරපු එක නෙමෙයිද ප්‍රශ්නේ?

එතන යම්කිසි තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තුව නොදැනුවත්ව ඒ කටයුත්ත කිරීම ගැන. නමුත් ඒ වරද තියෙන්නේ මහ බැංකු අධිපතිගේ නෙමෙයි, රට බංකොලොත් කරපු රාජපක්ෂවරුන්ගේ. ප්‍රධාන වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාත්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයත්, බැසිල් රාජපක්ෂ මහත්තයත් වගකියන්න ඕන.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තානාපති කාලෙඩ් නසර් අල්අමේරි   හමුවී පැවැත්වූ සාකච්ජාව පිළිබඳව අනතුරුව  පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා   මෙසේ  පැවසුවේය.

“ඩුබායි රට 1990 පස්සේ විශේෂයෙන්ම ගුවන්, නාවුක, වෙළඳ ඒ වගේම අද වෙනකොට තාක්ෂණික මූලස්ථානයක්  මර්මස්ථානයක් හැටියට දියුණු වෙලා තියෙනවා. ඉතින් අපිත් බලාපොරොත්තු වුණා ලංකාව ඒ තත්වයට ගේන්න.

මේ රාජපක්ෂ පවුල පැනලා ලංකාවේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ වගේ ප්‍රශ්න වලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් මුහුණ දීලා තියෙනවා 2008 – 2009 වගේ කාලේ. ඉතින් ඒ අවස්ථාවලදී කොහොමද ඒවට ඒ අය ප්‍රතිචාර දැක්වුයේ කියන එක අපි කතාබහ කළා.

ඒ වගේම අද වර්තමානයේ අපට තියෙන ලොකු ප්‍රශ්නයක්, බලශක්ති ප්‍රශ්නය. ඒ බලශක්ති ප්‍රශ්නය ගත්තහම ඩුබායිවල තමයි අපේ කලාපයේ තියෙන වැදගත්ම තෙල් අලවි මධ්‍යස්ථානය තියෙන්නේ. ඉතින් ඒ කරුණු ගැනත් සාකච්ඡා කළා. ඒ වගේම අපි දන්නවා කාලයක් ඒ රටට අයිති එමිරේට්ස් ගුවන් සේවය, අපේ ගුවන් සේවය පාලනය කළා. ඒ වගේම දැන් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා මේ තෙල් සැපයුම්කරුවෙක් හොයාගන්න. ඉතින් ඒ වගේ කාරණා සම්බන්ධයෙන් ඒ රාජ්‍යයේ ප්‍රතිචාරය අපි කතා කළා. ඔහුගේ අදහස වුණේ විධිමත් ස්ථාවර ආයෝජන විශ්වාසයක් හා වැඩපිළිවෙලක් නැතුව මේක සාර්ථක වෙන්නෑ. ඒ නිසා ඒ සඳහා ලංකාවත්, විශේෂයෙන් පාර්ලිමේන්තුවත්, ආණ්ඩුවත් ක්‍රියා කළ යුතුයි. එතකොට හුඟක් ආයෝජන ලංකාවට එයි. ලංකාවට හොඳ බුද්ධිමත් ජන කණ්ඩායමක් ඉන්නවා. මේක ඩුබායි වලටත් ලොකු සේවයක්. අබුඩාබියටත් ලොකු සේවයක් ඒ ජනතාව.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩාවේ පිහි ඇනුම් මිනිමරුවෝ තවමත් සොයති!       

Next Post

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් කඩිනමින් යළි ලංකාවට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.