දෙරණ –
වගාබිම් සඳහා අවශ්‍ය රසායනික පොහොර මේ වනවිට ලැබෙමින් පවතින බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසයි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ සඳහන් කළේ, එළවළු, පලතුරු සහ විසිතුරු මල් වගාවන් සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කර ඇති බවය.
යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් ආනයනයට එක් සමාගමක් පමණක් ඇණවුම් ලබාදී ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව වෙනත් පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් මේ වනවිට ඇණවුම් ලබාදී තිබේ.