අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රසායනාගාර වාර්තා වෙනස් වීම   කුමන්ත්‍රණයක්!.. පරීක්ෂණ සී.අයි.ඩී.එකට බාර දෙනවා – කෘෂිකර්ම ඇමති

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   සඳහන් කරයි.

රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැයකොට බොරු ප්‍රචාර සමාජගත කරමින් ගොවි ජනතාව කාබනික බෝග වගාවෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීවේය.

විදේශයේ නිෂ්පාදිත එකම සමාගමක පොහොර සාම්පල් දෙකක් රසායනාගාරයක පරීක්ෂා කිරීමේදී ප්‍රතිඵල දෙකක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැකය නිසා ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය. මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික නයිට්‍රජන් හා පොටෑසියම් පොහොර සම්පූර්ණයෙන්ම ඔක්තොම්බර් අවසන් සතිය වනවිට ආනයනය කර ගොවීන්ගේ වගාව සඳහා යොදා ගැනීමට නොමිලේ බෙදාදෙන බවද අමාත්‍යවරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වී ගොවිතැන් කරන ගොවින්ට හෙක්ටයාරයකට කාබනික නයිට්‍රජන් පොහොර කිලෝ 500ක් හා කාබනික පොටෑසියම් පොහොර කිලෝ 45ක් නොමිලේ බෙදා හැරිමට සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.

“වී ගොවීන් වී කිලෝවකට ලැබෙන මුදල ප්‍රමාණවත් නෑ කියලා උද්ෂෝෂණය කරනවා. ඒ නිසා නාඩු වී කිලෝ එකකට රුපියල් 05ක් වැඩි කරන ලෙස මම අමාත්‍ය මණ්ඩලයට කරපු යෝජනාවක් අනුව මේ වනවිට නාඩු වී කිලෝව රුපියල් 55 බැගින් මිලදී ගන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ අතර සම්බා සහ කීරි සම්බා වී සඳහාත් කිලෝවකට රුපියල් 05 බැගින් වැඩි කරන ලෙස මම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා ද රජයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා.

ගොවියන්ට වී සඳහා ලැබෙන සහතික මිල ප්‍රමාණවත් නෑ කිව්වත්, පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව අපේ ආණ්ඩුව පොහොර සහනාධාරයත් සමඟ වැඩිපුර රුපියල් 31ක් ගෙවනවා. ඉකුත් ආණ්ඩුව වී මිලදී ගත්තේ කිලෝවක් රුපියල් 30 බැගින් පමණයි. මේ තත්ත්වය අවබෝධ කර නොගෙන ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට රජයට සිදුවන බවද ඊට තමන් පෞද්ගලිකව අකමැති වුවද ගොවීන්ගේ සහයෝගය නොලැබුණොත් ඊට තනිව එරෙහි වීමට තමන්ට හැකියාවක් නැති බවද අමාත්‍යවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සිට සුරාසැල් ඇරේ

Next Post

කොවිඩ් එන්නත් නොගත් මිනිස්සු පාරෙ යද්දි හරවා යවන්න මාර්ගෝපදේශ නිකුත් කර නෑ… රටේ නීති දෙකක් තියන්න බෑ… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.