රඹුක්කන නරගය සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් උඝෝෂ්ණකල විරෝධතාකරුවන්ට එල්ලවූ පොලිස් වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත්ව තිබේ.
අද අළුයම සිට රඹුක්කන නරගයට පිවිසෙන සියලුම මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධතාවක් පවත්වා තිබේ.
එහිදී ඔවුන් ඉන්ධන මිල ඉහළයාම ඇතුළු වර්තමාන ආර්ථික තත්ත්වයට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය පවත්වා ඇත.
මෙහිදී විරෝධතාකරුවන් දුමිරිය මාර්ගයද අවහිර කර ඇති අතර එහිදී මහනුවර වෙත ඉන්ධන ගෙන යන දුම්රියට මාර්ගයේ ඉඩ ලබාදෙන ලෙස පොලිසිය විසින් ඉල්ලීම්ක් කර තිබේ.
එම ඉල්ලීමට අවනත නොවූ හෙයින් පොලිසිය විසින් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර ඊට අමතර වෙඩි තබා ඇති බවටද වාර්තා වේ.
මෙම වෙඩි තැබීමෙන් 11 දෙනෙකු රෝහල් ගත කර ඇත. ඉන් බරපතල තත්ත්වයේ පසුවූ සිව් දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.