සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් සජිත්… ඔයගොල්ලෝ  මේ රටට කරපු හරිය ඇති… කරුණාකරලා දැන් පැත්තකට වෙන්න… අපි ලැස්තියි මේ රට හදන්න… අනුර කුමාර දිසානායක දකුණේ දී කියයි!

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැති බවත් ඉදිරි දින තුන හතර තුළ   ප්‍රතිවිරුද්ධ  පාර්ශවය විසින්  නැගිය හැකි අවලාද කළ හැකි කුමන්ත්‍රණ සියල්ල කිරීමට සැලසුම් කර ඇති බැවින් සබුද්ධිකව සිදුවන දේ තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක  පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක  ඊයේ (16) පස්වරුවේ  හබරාදුව ,අකුරැස්ස,කුඹුරුපිටිය, විරකැටිය  යන  ප්‍රදේශවල පැවති ප්‍රචාරක රැළිවලට එක්වෙමින් සදහන් කළේය.

මෙම  ප්‍රචාරක රැළි අමතමින්  අනුර කුමාර දිසානායක  මෙසේද කිවේය.

කඩාවැටුණු රට නැවත ගොඩනැගිම තමයි ජාතික ජනබලවේගය බලය ඉල්ලන්නේ. අපිට බලය ලබාගැනිමට සමත්වන අවස්ථාවක් ඇවිත් තියෙනවා. අපිට බලය ගන්න පුළුවන් අවස්ථාව හැදිලා තියෙනවා. රට විශාල ප්‍රපාතයකට වැටිලා තියෙන වේලාවක තමයි අපි බලය ගන්නේ. මේ අවස්ථාව තමයි ජාතික ජනබලවේගය ජනතාව වෙනුවෙන් බලය ලබාගතයුතුම  අවස්ථාව. අපේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැහැ.

රට ගොඩනැගිම සදහා  සැලසුම් අපිට තියෙනවා මෙම සැලසුම් ක්‍රියාත්මක කිරිමට යම්කාලයක් ගතවෙනවා. අපි බලය ගන්නේ මැජික් පොල්ලක් අතේ තියාගෙන නෙවෙයි. අපි බලයගන්නේ ඉන්ද්‍රජාලිකයෙක් ලෙස නෙවෙයි මහා හාස්කම් මන්ත්‍ර තියෙන අයවගේ නෙවෙයි.  අපි බලය ගන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට. ඒ නිසා කඩාවැටුණු රට ගොඩනැගීම සඳහා පියවරෙන් පියවර සැලසුම් හදලා ක්‍රියාත්මක කළයුතුයි. 

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එතකන් ජනතාවගේ මුලික  අවශ්‍යතා සපයන්න ඕන. රනිල් වික්‍රමසිංහ කියනවා රට හදන්න 2048 වෙනකම්  ඉන්න කියලා. ඒ වනවිට එයාට අවුරදු 99යි. රට හදන්න වැඩසටහනක් ඕන. යම්කාලයක් යනවා. එතකන් ජනතාව බලාගන්න ඕන.

නමුත් අපේ ප්‍රතිවිරුද්ධ  පාර්ශවය  මේ දින තුන හතර ඇතුළත ගහන්න පුළුවන් අවලාද කරන්න පුළුවන් කුමන්ත්‍රණ, සියල්ල කරන්න පටන්ගන්නවා. අපේ රටේ පොදුජනතාව පසුගිය කාලයේ ජාතිවාදය ආගම්වාද ප්‍රතික්ෂේප කළා.  සජිත් ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ වේදිකාවට ආගම්වාදි ජාතිවාදි සටන්පාඨ ගෙනවිත් තියෙනවා. තිස්ස අත්තනායක කියනවා අපි බලයට පත්වු විට නුවර පෙරහැර නතර කරණවා කියලා. එවාම ඇති සජබේ දේශපාලනය තේරුම්ගන්න. චරිත හේරත් කියන මන්ත්‍රිවරයා කියනවා කුරුණැගල  ඇත්කඳ විහාරයේ පෙහරහැර නතරකරණවා කියලා. සජිත් ප්‍රේමදාසට උදව්කරණ හාමුදුරුවරු කියනවා අපි ආවිට දානවේල නතර වෙනවලු. අපි බලයට පත්වු විට ජාතික කොඩිය නැතිකරණවලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය අයින් කරණවලු. අන්තජාතිවාදි සංවිධාන වේදිකාව මත තියාගෙන තමයි මේ කථා කියන්නේ.

මේවා කියනවිට රිෂාද් බදුර්දින් ඉන්නවා. දෙමළ ජාතික සංවිධානයේ නායකයින්ද ඉන්නවා. මේ අය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය අවලාද වලට  පමණක් සිමාවන තැනට අසරණ වෙලා තියෙනවා. එක අසරණභාවයේ හා කලබලවිමේ ප්‍රකාශනය. රනිල් වික්‍රමසිංහ කියනවා අපි  ආවිට රටේ අස්ථාවර භාවයක් ඇතිවෙනවලු. ඩොලරය ඉහලයාවිලු, තෙල්නැතිවේවිලු. ගෑස් හා ඉන්ධන නැතිවෙනවලු. මේවා නැති කළේ ඒ අයනේ. රනිල් වික්‍රමසිංහ තමයි 2015 සිට 2019 දක්වා ලංකාවේ ස්වයිරී බැදුම්කරවලින්  ණය අරගෙන තිබුනා ඩොලර් බිලියන පහලොව මාරක්.   මහින්ද රාජපක්ෂ අරන් තිබුණේ ඩොලර් බිලියන තුනයි. ඒ ඩොලර් බිලියන තුන මේ වනවිට ගෙවලත් ඉවරයි. ගෙවාගන්න බැරි සියලු   ස්වෛරි බැදුම්කර ණය. රනිල් වික්‍රමසිංහ ගත්තු ණය. ණය ගෙවාගන්න බැරිව ඩොලර් හිඟයක් ඇතිවෙන්න.

 එහි මුලිකයා තමයි  රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවිට ආර්ථිකය වැටෙනවලු. ජාතික ජනබලවේගය එන්නේ රනිල් වික්‍රමසිංහලා වට්ටපු ආර්ථිකය ගොඩනැගිමටයි. අපිට පස්සෙන් හිටපු ගොඩක් රටවල් අපි පසුකරගෙන ගියා. දකුණු කොරියාව, වියට්නාමය  වැනි රටවල් අපි පසුකරගෙන ගියා. මේ අය මහජනයාගේ දේපල සොරකම් කරගෙන නාස්තිකරගෙන  රටට නිසි ආර්ථික සැලැස්මක් නැතිව  ඉබාගතේ ගෙනියන  රටක් බවට පත්කරලා. ලෝකයේ ණය දෙන්නේ නැති රටක් හදලා. ලෝකයෙන් ගත්තු ණය ගෙවාගන්න බැරි රටක් හදලා. රෝහල්වල බෙහෙත් නැති රටක් හදලා. ව්‍යාපාරික ස්ථාන කඩාවැටුණු තැනක් බවට පත්කරලා. පාරිසරික අර්බුද හදලා තව සැරයක් දෙන්න කියනවා. රනිල් සජිත් ඔයගොල්ලෝ  මේ රටට කරපු හරිය ඇති.කරුණාකරලා පැත්තකට වෙන්න අපි ලැස්තියි මේ රට එකින් එක ගොඩනගන්න.

ජයග්‍රහණයෙන් පසුව අපේ  රටේ තිබු දේශපාලන සංස්කෘතිය තමයි පරාජයවන අයට හිංසා කිරිම. ගෙවල් ගිණි තියනවා.අනිකුත් පක්ෂවලට අයට පහරදෙනවා. වෙඩි තියනවා. ජයග්‍රහකයා විසින් පරාජිතවන  කණ්ඩායමෙන් පලිගන්නා ඉතිහාසයක් තමයි තිබුණේ. අපේ ජයග්‍රහණයෙන් පසු කිසිදු අයෙකුට නිය තුඩකින්වත් හානියක් කිසිදු  අයෙකුට වෙන්න ඉඩ තියන්න එපා. 

අපි ජයග්‍රහණය කරලා දිවුරුම් දිලා කෙටිදවසකින් පාර්ලිමේන්තුව විසුරුවනවා. මේරට ගොඩනැගිමට නම් ඒ සඳහා කැක්කුම තියෙන උනන්දුව තියෙන අයගෙන් පාර්ලිමේන්තුවක් හදන්න ඕන. දින 50ක් 60ක් ඇතුළත   පාර්ලිමේන්තු මැතිවරණය  එනවා. අමාත්‍ය මණ්ඩලයක් හදලා  තීන්දු ටික ගන්නවා පියවරෙන් පියවර. 

තෙල් මිල ඉහළගිය අවස්ථාවේ  ඉන්ධන දිමනාව වැඩිකරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අත්සන්කරලා ලියුමක් දුන්නා ඉන්ධන දිමනාව මාසයකට ලක්ෂයකින් වැඩිකළා. ඒ ලක්ෂයේ මුදල ගත්තු නැති එකම මන්ත්‍රිවරු කණ්ඩායම ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු කණ්ඩායම විතරයි. ජාතික ජනබලවේගය ආණ්ඩු හදන්නේ අත්හරින්න.බෙදාගන්න නෙවෙයි. තියෙන එවාත් අත්හැරලා දේශපාලනය මහජන සේවවාක් බවට පත්කිරීම තමයි ජාතික ජනබලවේගයේ  ආණ්ඩුවේ අපේක්ෂාව. 

ජනතාවගේ සහන ටික දෙනවා. දේශපාලනය පිරිසිදුකරණවා. තෙල්,ගෑස්, විදුලිය, බාධාවකින් තොරව අඛණ්ඩව සපයන වැඩේ  ජාතික ජනබලවේගය කරණවා. රනිල් වික්‍රමසිංහ අවුරුදු 48ක් පාර්ලිමේන්තුවේ. මහින්ද අවුරුදු 54ක් පාර්ලිමේන්තුවේ. දිනේෂ් ගුණවර්ධන අවුරුදු 41ක් පාර්ලිමේන්තුවේ. මේ තියෙන්නේ ඒ අය හදපු රට. ඒ බිඳවැටුන විනාශ කළ රට ඔබ සමග එක් වී ගොඩනගන්නයි අපි අවස්ථාව ඉල්ලන්නේ.  අපි එකතු වී පොරබදලා 21න් පස්සේ මේ රට අලුතින් ගොඩනගමු. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජයග්‍රහණය සඳහා ඕනෑම දෙයක් සිදු කරන පුද්ගලයෙක් නායකත්වයට සුදුසු නෑ…. ඉලංකෙයි තමිල් අරසු කච්චි තමන්ගේ ගොඩට ගන්න ව්‍යවස්ථාව වෙනස් කිරීමට එකඟ වූ සජිත්ට දොඩම්පහල රාහුල හාමුදුරුවෝ කියති….

Next Post

මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා… ඔබ සැමදෙනා සුඛිත මුදිත කිරීමේ වගකීම මා ඉටුකරනවා ඉටු කරනවාමයි! සජිත් පොරොන්දු වෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.