බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයග්‍රහණය සඳහා ඕනෑම දෙයක් සිදු කරන පුද්ගලයෙක් නායකත්වයට සුදුසු නෑ…. ඉලංකෙයි තමිල් අරසු කච්චි තමන්ගේ ගොඩට ගන්න ව්‍යවස්ථාව වෙනස් කිරීමට එකඟ වූ සජිත්ට දොඩම්පහල රාහුල හාමුදුරුවෝ කියති….

by editor
සැප්තැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාසට සහාය ලබාදෙන බව පවසන උතුරේ කණ්ඩායමේ කොන්දේසිය වී ඇත්තේ “බෞද්ධාගමට මුල්තැන දීම පිළිගත නොහැකිය” යන්න බවත් ජයග්‍රහණය සඳහා ඕනෑම දෙයක් සිදු කරන මෙම පිරිස නායකත්වයට සුදුසුද යන්න පිළිබඳ ජනතාව තීරණය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන උපදේශක පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පවසන්නේ අද ඉලංකෙයි තමිල් අරසු කච්චි නිල වශයෙන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වන බව ප්‍රකාශ කරමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව තුළ හා නිකුත්කළ නිවේදනයෙහි බුදු දහමට මුල් තැන ලබාදීම පිළිබඳ වගන්තිය වෙනස් කරන අකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා එකඟවුන බවට කළ ප්‍රකාශය මුල් කරගනිමිනි. ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා විසින් අද මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේය.

සජිත් ප්‍රේමදාසට නිල වශයෙන් සහාය දැක්වීම ප්‍රකාශයට පත් වුන අවස්ථාව…

මේ සම්බන්ධව අදහස් දක්වමින් දොඩම්පහළ රාහුල හාමුදුරුවන් ප්‍රකාශ කළේ බෞද්ධ කොඩිය සහ ජාතික කොඩිය වෙනස් වෙනවා නම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියෙන් ආරක්ෂා කර ඇති බුදු දහමට හිමි තැන අහිමි වනවා නම් එම බලවේගයන්ට එරෙහිව මහා සංඝරත්නයත්, ජනතාවත් පෙරට පැමිණිය යුතු බවය.

පූජ්‍ය දොඩම්පහල රාහුල හිමිපාණන් වහන්සේ මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආශිර්වාද පළ කිරීමට අද (16) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනය ආරම්භ කිරීමට මත්තෙන් විශේෂ අනුශාසනාවක් සිදු කරමිනි.

එහිදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

බෞද්ධ කොඩිය වෙනස්වීමට යනවා නම්, ජාතික කොඩිය වෙනස් වෙනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියේ සඳහන් බුදු දහමට හිමි තැන නැති වෙනවානම් අප පෙරට පැමිණිය යුතුයි.

අපේ රටේ ආගම් අතර කිසිදු ප්‍රශ්නයක් වී නැහැ. අපේ කාදිනල්තුමා, බිෂොප් වහන්සේලා, මවුලවිතුමාලා, කුරුක්කල්තුමන්ලා එය පිළිගන්නවා නම් මේ රට තුළ ඇති ප්‍රශ්නය කුමක්ද කියා මම අහනවා, නමුත් ප්‍රශ්න තිබෙන අලුත් කණ්ඩායමක් දැන් නිර්මාණය වී තිබෙනවා.

අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ හා සමාන උපදේශකත්ව දෙන බොහෝ දෙනා අලුතින් ඒ පැත්තට එක් වූ අය මෙම භයානක උවදුර තුළ සිටිනවා. බෞද්ධ දර්ශනය ආරක්ෂා කර ගැනීමට මේ අයට අවශ්‍ය නැහැ.
අද යාපනයේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ සිටින පිරිසක් එකට එක්ව යම් ප්‍රකාශයක් කර තිබෙනවා . ඔවුන් එක්තරා දේශපාලන පක්ෂයකට උදව් කරනවා. හැබැයි ඔවුන්ගේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ “අපි බුදු දහමට මුල් තැන දෙනවට කැමති නැහැ” කියලයි. එම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්තයා සමග එක් වෙනවලු. මේ අය කොතනද නවතින්නේ කියා අප සිතා බැලිය යුතුයි.

ජයග්‍රහණය සඳහා ඕනෑම දෙයක් කරන්නම් කියා හිතන කණ්ඩාමකට එහා ගිය තැනක අප නතර විය යුතුයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැව හොරු පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අක්කර සිය ගණනක් මඩු බිමක් කරති… බලධාරීන් එහෙම දෙයක් ගැන දන්නෙ නැතිලු!

Next Post

රනිල් සජිත්… ඔයගොල්ලෝ  මේ රටට කරපු හරිය ඇති… කරුණාකරලා දැන් පැත්තකට වෙන්න… අපි ලැස්තියි මේ රට හදන්න… අනුර කුමාර දිසානායක දකුණේ දී කියයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.