2022 වසරේ ජූලි මස 09 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාල නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.
නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර ඇති සැකකරුවන්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා, ඇන්ඩෘ ඉවෝන් පෙරේරා, මංජු වෙත්තමුණි, ශෙරීන් වික්‍රමසිංහ, මියුරු මධුසංක , අශාන් සන්දීප, අන්වර් අලි, ඉන්දික ප්‍රසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිය.
2022 ජූලි මස 09 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ දී ගිනි නිවන හමුදාවට ඇතුළු වෙන්නට ඉඩ නොදී රජයේ සේවකයින්ට අයුතු අවහිරයක් කළ බවට සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
නඩුව ලබන වසරේ ජනවාරි මස 14 යළි කැඳවීමට නියමිතව ඇත.







