බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් කියන “අරගලයේ ත්‍රස්තවාදීන්“ ගේ වතගොත අනුර හෙළි කරයි…

by editor
අගෝස්තු 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අශිෂ්ට දේශපාලනයට එරෙහිව පැන නැගුණ ජන අරගලයට නායකත්වය දුන් තරුණ පිරිස් දඩයම සඳහා රනිල් වික්‍රමසිංහ ත්‍රස්තවාදී සහ සාමකාමී ලෙස අරගල කරුවන් කොටස් කර ඇති බවත් ඔහු මේ ජනතාවට කවන්නට හදන්නේ  ප්‍රජාතන්ත්‍රවාදයේ අයිසින් තැවරූ විෂ සහිත කේක් ගෙඩියක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

මේ මරධන වියරුව රනිල් වික්‍රමසිංහගේ රාජාසන කතාවේ ගැබ් වී තිබුණ ආකාරය ද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඔහු කීවේ මෙසේය.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සාමකාමී අරගලකරුවන් සහ ත්‍රස්තවාදීන් යනුවෙන් අරගලය කොටස් දෙකකට බෙදන්න දිගින් දිගටම උත්සාහ කරමින් තිබෙනවා.“

“ඔහු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ගමන් අරගලයේ නිරත වූවන් මර්ධනය කිරීමට සහ ඔවුන් බියවද්දන්න උත්සාහ කරනවා. ඔහුගේ වියරුව මෙම කතාවේ ඇතුළාන්තයේ ගැබීවී තිබෙනවා. “

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“සාමකාමී අරගල ආරක්ෂා කරන නමුත් ත්‍රස්ත ක්‍රියා කරන්නවුන් අත්අඩංගුවට ගන්නා බව ඔහු කියනවා. මෙයින් එක් ‘ත්‍රස්තවාදියෙක්’ වන්නේ ජනාධිපති මන්දිරයේ ජනාධිපතිවරයාගේ පුටුවේ වාඩි වූවායැයි කියනු ලබන පුද්ගලයෙක්. තවත් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් නිවැරදි ලෙස ගණනය කර පොලීසියට භාර දීමේ වරදටයි.“

ඔහුම ප්‍රතික්ෂේප කරන ජනාධිපති කොඩිය එලාගෙන නිදා සිටි පුද්ගලයෙක් ඔහු විසින් අත්අඩංගුවට ගන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයට පළමුව ඇතුළත් වූ කෙනා ලෙස තවත් තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. රනිල් වික්‍රමසිංහට අනුව ඔවුන් අරගලයේ ත්‍රස්තවාදීන්.

ඔහු උත්සාහ කරමින් තිබෙන්නේ, සැබැවින්ම අරගලයට නායකත්වය දෙන කණ්ඩායම් හඹාගෙන ගොස් දඩයම් කිරීම සඳහා ඔවුනට ත්‍රස්තවාදී ලේබය ඇලවීමයි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය නම් අයිසින් තවරූ විෂ සහිත කේක් ගෙඩියක් ජනතාව දීමට හදනවා.

ඇතැමුන්ට අධිකරණ නියෝග ලබා දී තිබුණා උද්ඝෝෂණ භූමියට නොයන ලෙසට. ඒ මොහොතේ එවැනි තැනකට නොයන්නේ කවුරුන්ද?. පොලීසියෙන් සොයමින් සිටි අය පවා එහි ගියා. එය පොදු ජන නැගිටීමක්. ඒ ආස්වාදයට සියලු දෙනා එතැනට ගියා. දැන් අධිකරණ නියෝගයක් කඩකළැයි දැන් ඇතැමුන් අත්අඩංගුවට ගනිමින් සිටිනවා. ඔහු අරගලය කොටස්වලට බෙදන්නේ මර්දන වුවමනාව වෙනුවෙනුයි.

රනිල් වික්‍රමසිංහ තවත් ඉදිරිපත් කරන චෝදනාවක් තමයි අරගලකරුවන් සංවර්ධනයට බාධා පමුණන බව. ඔහු ඒ සඳහා උදාහරණයට ගනු ලැබුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය. මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකුණන්න හැදුවා. එය විකුණුවා නම් මීට වඩා ආර්ථිකය සංවර්ධනය කළ හැකිව තිබුණා. විකුණන්න වෘත්තිය සමිති ඉඩ දුන්නේ නැහැ. මේ ආර්ථිකය කඩා වැටෙන්න හේතුව තමයි මේ වෘත්තිය සමිතිවල සටන් පාඨ, යනුවෙන් ප්‍රකාශ කළා.

ඛනිජතෙල් ඇමති චන්දිම වීරක්කොඩි විසින් ත්‍රිකුණාමලයේ තෙල් සංකීර්ණයේ තෙල් ටැංකි 16ක් තෙල් සංස්ථාව මැදිහත් වෙලා සංවර්ධනය කර, තෙල් ගබඩා කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ සම්මත වුණා. සම්මත වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ නැවත කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ ලංකාවේ පළමුවෙනි වතාවට දමන  ලද කැබිනට් පත්‍රිකාවක්. එය තමයි කැබිනට් අනුමැතිය ලැබුණු චන්දිම වීරක්කොඩිගේ කැබිනට් පත්‍රිකාව අවලංගු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව.

එහෙමයි රනිල් වික්‍රමසිංහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට බාධාවක් වුණේ. අවසානයේ චන්දිම වීරක්කොඩිට තෙල් සංස්ථාවෙන් ඇමතිකමත් නැතිව ගියා. මේ සංවර්ධනයට බාධා කළේ රනිල් වික්‍රමසිංහයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගල භූමියෙන් ඉවත් වන්නට අරගලකරුවන්ට කල් දෙයි…

Next Post

ටී.එන්.ඒ ඇතුළු පක්ෂ තුනක් ජාතික ආණ්ඩුවක් සඳහා ජනපති සමග සාකච්ඡා කරති…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.