බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් අත් අඩංගුවට ගැනීම ඇතැමුන්ට මැජික් වෙලා තියෙන්නේ මෙතෙක් රටේ නීතිය ප්‍රභූන්ට ක්‍රියාත්මක නොවුන නිසා… ලාල් කාන්ත කියයි!

වගකිව යුතු පුරවැසියන් ලෙස තමන්ගේ කටින් පිටවන්නේ මොනවාද කියලා අවබෝධයෙන් කටයුතු කරන්න... දැන් තියෙන්නේ නීතිය ක්‍රියාත්මකවන රටක්....

by editor
අගෝස්තු 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ සම්බන්ධව 26 වැනිදාට සිදුවන්නට ඇත්තේ සිදුවීම් දෙකක් පමණක් බවත්   ඇප ලබා දී ඉදිරියට නීතිමය කටයුත්ත සිදුකරන්නේ ද, නොඑසේ නම්   පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුවක් බැවින්  ඇප නොදී රඳවා තබා ගනිමින් අදාළ විමර්ශන සිදුකරන්නේ ද යන්න   අධිකරණය එදිනට තිරණය කරනු ඇති බවත්  කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත පැවසුවේය.

ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ නීතිය ක්‍රියාත්මක වන පාලනයක් තිබෙන බැවින් තමන්ගේ කටින් පිටකරන්නේ මොනවාද යන්න මැනවින් තේරුම් ගෙන වගකිව යුතු පුරවැසියන් ලෙස කටයුතු කරන ලෙසය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත   විසින් රචිත පලුඅරටු හා ගල්මුලාදෑනි වතගොත ග්‍රන්ථ ජනගත කිරීම නිමිත්තෙන් අද  (24) මහනුවර කරළිය රංග ශාලාවේ දී පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලාල්කාන්ත ඇමැතිවරයා  කීවේ  මෙරට ප්‍රභූ පැළැන්තිය සම්බන්ධයෙන් ‍නීතිය නිදහසේ ක්‍රියාත්මක නොවීම නිසාම   රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම ඇතැමුන්ට මැජික් එකක් වී ඇති බවය.

“රනිල් අත්අඩංගුවට ගැනීම මැජික් වෙලා තිබෙන්නෙම මේ රටේ එහෙම දේවල් මීට පෙර නොවුණු නිසයි. ඉදිරියේ දී තව තව අයට නීතිය ක්‍රියාත්මක වෙත් දී මේ මැජික් එක ඉවර වෙලා ජනතාවම කියයි නීතිය කාටත් එකයි… මේක කතා කරන්න ඕන මාතෘකාවක් නෙවෙයි කියලා. “

“මීට පෙර අපේ රටේ හිටපු ජනපතිවරයෙක් හෝ මේ මට්ටමේ ප්‍රභූ පැළැන්තිය සම්බන්ධයෙන් අධිකරණය නිදහසේ කටයුතු කරලා නැහැ. ඒ නිසා රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ යම් වැදගත්කමක් තිබෙනවා”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“පොදු දේපොළ අවභාවිත කළොත් තරාතිරම නොබලා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව කරන්නේ නීති සම්පාදනය කිරීමයි. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ අදාළ ආයතන හා ඒ  පිළිබඳ වගකිව යුතු අය යි.”

“මීට පෙර ප්‍රභූ පැළැන්තියට  නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී ඒ අයට බාධා තිබුණා. සාමාන්‍ය ජනතාවට මිස ලොකු ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් සාමාන්‍ය ජනතාවට වගේම ලොකු ලොක්කන්ටත් එක ලෙස නීතිය ක්‍රියාත්මකයි.”

“ හිටපු ජනපති රනිල් මේ දක්වා වැරදිකාරයෙක් නෙවෙයි. එතුමා සම්බන්ධයෙන් නඩු කටයුත්තක් දැන් ආරම්භ වෙලා තිබෙනවා. දැන් මීළඟ ප්‍රශ්නය 26 වැනිදාට මොකක් වෙයි ද කියලයි. වෙන්න තිබෙන්නේ සිදුවීම් දෙකයි. එක්කෝ ඇප දීලා නීතිමය කටයුත්ත ඉදිරියට යයි. නැත්නම් පොදු දේපොළ පනත යටතේ නිසා ඇප නොදී රඳවා තබා ගනිමින් අදාළ කටයුත්ත විභාග වෙයි. මේක අධිකරණය එදාට තීරණය කරයි. “

“නඩු තීන්දුව ලියලා තියෙන්නේ පැලවත්ත කාර්යාලයේ දී කියලා ඇතමුන් කියන්න උත්සහ කරනවා. මේ සම්බන්ධයෙන් කවුරු හෝ පැමිණිලි කළොත් ඒ ප්‍රකාශය කළ කෙනා අධිකරණයට අපහාස කළා කියලා නීතිය ක්‍රියාත්මක විය හැකියි.”

“දැන් නීතිය ක්‍රියාත්මක වන පාලනයක් තිබෙන නිසා තමන්ගේ කටින් පිටකරන්නේ මොනවාද කියලා මැනවින් තේරුම් ගෙන වගකිව යුතු පුරවැසියන් ලෙස කටයුතු කරන්න කියන ඉල්ලීම ඒ අයගෙන් කරනවා. වගකීමක් නැති පුරවැසියෝ මේවා කියන්නේ දේශපාලන වුවමනාවට කියලා අපි දන්නවා. නීතියේ ආධිපත‍්‍ය තුළ සිදු කෙරෙන ක්‍රියාවන්ට අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්න තිබෙන බාධා අපි ඉවත්කර තිබෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති වසන්ත සමරසිංහගේ නඩුවේ උදෘත නීතිපතිට හදිසියේ යැවීම ගැන  ගල්කිස්ස මහේස්ත්‍රාත්වරියගෙන්  පොලිසියට දොස්…

Next Post

පොදු දේපල පනත යටතේ වැරැද්දක දී ජනාධිපතිට හිටපු ජනාධිපතිට කියලා ව්‍යතිරේක නෑ…. රනිල් අත් අඩංගුවට ගත් නීතිමය පසුබිම ගැන NPP ය පැහැදිලි කරයි….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.