මේ ආණ්ඩුවේ අගමැතිකම රනිල් වික්‍රමසිංහට ලබාදීමට කිසිදු සූදානමක් නැති බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.
අගමැති ධුරය දැරීමට සුදුසුම පුද්ගලයා මේ වනවිට එය හොබවන බව කී ඔහු එවැනි අයෙක් සිටියදී අලුතින් එම ධුරයට පුද්ගලයෙක් සෙවීමේ කිසිදු අවශ්‍යතාවයක් මෙතෙක් මතුව නැති බව අවධාරණය කළේය.
එම පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ සාගර කාරියවසම් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධ ප්‍රචාරයක් රට තුළ පැතිර යමින් ඇති බවත්, එහි ද කිසිදු සත්‍යතාවයක් නැති බවත් සිහිපත් කළේය.
මෙවැනි බලගතු ආණ්ඩුවක් තිබිය දී ජාතික ආණ්ඩුවක් තවත් කුමකටදැයි ඔහු විමසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධනට අගමැතිකම දෙන්න තරම් මොළේ අමාරුවක් පොදුජන පෙමුණු ආණ්ඩුවේ කිසිවෙකුටත් නැති බවය.
අපේ ප්‍රතිපත්තිය ගැහුවොත් ගහන එක…
කුලියාපිටිය සමූපකාර චන්ද විමසීමේ දී එම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහි සිටි අයට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධව විනය පරීක්ෂණයක් පවත්වනවා දැයි මාධ්‍යවේදියෙක් නැගූ පැනයට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් කියා සිටියේ මෙතෙක් එවැනි විනය පරීක්ෂණයක් කිරීමට තීරණය කර නැති බවය.
පොදු ජන පෙරමුණේ න්‍යාය වන්නෙ ගැහුවොත් ගහන එක බව පැවසීය.