සපුගස්කන්ද රිය අනතුරට සම්බන්ධ හිටපු කතානායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අසෝක රන්වලගේ රුධිර හා මුත්‍රා සාම්පලවල මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අඩංගු නොවන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ලද වාර්තාවේ සඳහන්ව ඇතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊයේ මහර අධිකරණයේ දී නඩුව කැඳවූ අවස්ථාවේ දී අදාල රස පරීක්ෂ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට හැකි වූයේ නැත. පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ඒ වනවිටත් අදාල වාර්තාව ලැබී නොතිබුණ බවය.
මෙම රියඅනතුරට අදාළ නඩුව ලබන ජනවාරි 16 වැනිදා මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.







