ශ්‍රියානි විජේසිංහ –
රත්නපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ දරදඬු ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායම් විශේෂ පරික්ෂණයක් දින 3ක් පුරා සිදුකර ඇත්තේ අධ්‍යක්ෂවරයා රෝහල තුළ සිය තනතුරේ රඳවා ගනිමින් බවත් එසේ සිදුකරන පරික්ෂණයේදී අධ්‍යක්ෂවරයාගේ දරදඬු ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට සිටි බොහෝ දෙනෙකුට එම අවස්ථාව වැලකී ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහලේ එක්තරා කාමරයක් තුළ පැවැත් වූ මෛම විමර්ශන කටයුත්ත සඳහා සාක්ෂි ලබා දීමට යන පුද්ගලයින් කවුද යන්න අධ්‍යක්ෂවරයාට හිතවත් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් මගින් අධ්‍යක්ෂවරයාට තොරතුරු දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කර සිටියි.
මෙවැනි පසුබිමක් තුළ අධ්‍යක්ෂවරයාගේ තර්ජනයන් ලක් වූ කාන්තා පාර්ශ්වයේ කිවෙක් විමර්ශන නිලධාරින්ට කරුණු ඉදිරිපත් කිරිමට ගොස් නොමැති බවත් අධ්‍යක්ෂවරයා රෝහල් පරිබාහිරව රඳවා ගනිමින් මෙම විමර්ශනය සිදුකරන්නේ නම් එම කාන්තාවන් සාක්ෂි ලබා දිමට කැමැත්ත පළ කර ඇති බවත් සඳහන් වේ.
මේ අතර අධ්‍යක්ෂවරයාගේ මැර තර්ජනයන් හෙලා දකිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහල් පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු බැනරයක් ගලවා ඉවත් කරන ලෙස රෝහලේ ආරක්ෂක අංශවලට අධ්‍යක්ෂවරයා නියෝගයක් කර තිබේ.
එය ඉවත් නොකරන්නේ නම් ආරක්ෂක අංශ ප්‍රධානීයාව රෝහලෙන් ඉවත් කරන බවට ද අධ්‍යක්ෂවරයා විසින් තර්ජනය කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
කෙසේ නමුත් මේ වන විට ප්‍රදේශයේ මැර පිරිසක් විසින් රෝහල් අධ්‍යක්ෂවරයාව රැකගනිමු යනුවෙන් සඳහන් කරන ලද පෝස්ටර් රෝහලෙන් පිට ප්‍රදර්ශනය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අධ්‍යක්ෂවරයාට පක්ෂපාතීත් පෝස්යටර් අලවා ගොස් ඇති බවද එම ආරංචි මාර්ග කියයි.
“ලංකාසර” මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමා කිසිවක් නොදන්නා බවත් තොරතුර ලබාදුන් පුද්ගලයින්ගෙන්ම වැඩි විස්තර ලබා ගන්නා ලෙසත්ය.







