රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයත් නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය විසින් එම තැපැල් ඡන්දයේත් සියයට 79.4ක කොටසක් අත්පත් කරගෙන ඇත.
මේ විශිෂ්ට ජයග්‍රහණය ලබා ගන්නේ ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාව වන 31,205ක ප්‍රමාණයෙන් 24,776ක් ලබා ගනිමිනි.
සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2,969කි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 9.5කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 1528කි. ප්‍රතිශතයක් ලෙස සියයට 4.9කි. පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක්දහස් තිස් එකකි. ප්‍රතිශතයක් ලෙස සියයට 3.3කි.
රත්නපුර තැපැල් ඡන්ද තිස් දෙදහස් හාසිය පනස් හතරක් ලියාපදිංචි වී තිබුනු අතර ඡන්ධ හත්සිය නවයක් ප්‍රතික්ෂේප වී තිබිණි.







