කීර්ති ප්‍රනාන්දු –
රටේ ඇති වී තිබෙන අර්බුදයට මේ රජය පමණක් හුදකලාව වගකිවයුතු නැති බවත්, මේ වනවිට බලයට පත් වී සිටි සියලුම රජයන් වගකීම් දැරිය යුතු ප්‍රශ්නයක් සම්බන්ධව විපක්ෂය සහ හවුල්කාර පාර්ශවයන් අනුගමනය කළ යුත්තේ ගැටුම්කාරී ප්‍රවේශයක් නොවන බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරයි.
පොදු යහපත උදෙසා කටයුතු කරනු ඇතැයි විශ්වාස කොට තමන්ව තෝරාගත් මිනිසුන්ට විධායකය සහ ව්‍යවස්ථාදායකය වගවිය යුතු බවත්, එබැවින් දේශපාලන අවශ්‍යතා මත නොව ප්‍රතිපත්ති ගරුකව ක්‍රියා කරමින් රට පෙරට තබා සිය දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා එක් වී කල් පවත්නා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය සදාචාරාත්මක මූලධර්ම සොයා යායුතු බවත් සභාව පෙන්වා දෙයි.
එම නිවේදනය පහත දැක්වෙයි.