පසුගිය දික තුන තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 700කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසන්නේ රට තුළ පැතිර යන නව ඩෙංගු ප්‍රභේදයත් සමග ඉදිරියේ දී තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බවය.
රෝගය වැඩි වශයෙන් පැතිර යන්නේ බස්නාහිර පළාතේ බවත්, පසුගිය දින තුන තුළ දී බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගීන් 300 දෙනෙක් පමණ හමුවී ඇති බවත් එම දත්ත වාර්තා පෙන්වා දේ.
බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දැනටමත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර කළුතර සහ මඩකලපු යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු උණ තදින් පැතිර යමින් ඇතැයි ඩෙංගු මර්ධන ඒකකය කියයි.
මුල් මාස හතරේ දී ඩෙංගු රෝගීන් 30 000ක් පමණ වාර්තා වි ඇති බවත්, ඉන් රෝගීන් 15 දෙනෙක් මියගොස් ඇති බවත් වාර්තා වේ.
මේ අතර දරුවන්ගේ ඩෙංගු ප්‍රතිදේහ පිළිබඳ අධ්‍යයනයක් ද ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකර තිබේ.
මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සදහන් කළේ ඉදිරියේ දී ඩෙංගු රෝගය සදහා එන්නත් ලබාදෙන්නේ නම් මෙම දත්තයන් ඉතා වැදගත් වනු ඇති බවය.