විදේශගත වී සිට මෙතෙක් දිවයින නොපැමිණි ලාංකිකයන්ගේ ඡන්ද කූට ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සකස් කර භාවිත කිරීම වැළැක්වීම සඳහා ගත් තීරණයකට අනුව විදේශගත වී සිටි පැමිණි ඡන්ද හිමියන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ පහත අනන්‍යතා ලේඛනවලින් එකක් අනිවාර්යෙන් රැගෙන විත් ඡන්දපොළ පරීක්ෂාවේ දී ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ), වැඩිහිටි හැඳුනුම්පත (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ), පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය /පූජක හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ඡායාරූපය සහිත විශේෂ අවසර පත්‍රය ආදී ලේඛන වලින් එකක් ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
මේ වන විටත් විදේශගත වී ඇති ඡන්ද හිමියන් පිළිබඳ විස්තර ග්‍රාම නිලධාරීන් ගෙන් ලබා ගෙන එම ඡන්ද හිමියන්ගේ නම් ඡන්ද පොලේ ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ සලකුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි කොමිසම පවසයි.
එසේ සිදුකර ඇත්තේ එවැනි ඡන්ද හිමියෙකු ඡන්ද පත්‍රිකාවක් ඉල්ලා ඡන්දපොළට පැමිණිය හොත් එම අයගේ අනන්‍යතාව සම්බන්ධව විශේෂයෙන් කරුණු විමසීම සඳහා ඡන්ද පොලේ නිලධාරීන්ට පහසු වීම සඳහා බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබේ.
ඒ අනුව මෙබඳු හොර ඡන්ද දැමීමේ කටයුතු වැලැක්වීම සඳහා විදේශගතව සිට පැමිණ සිටින ඡන්ද දායකයින්ට සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතට අමතරව ස්වකීය විදේශ ගමන් බලපත්‍රය ඡන්දපොළට රැගෙන එන ලෙස කරන කොමිසම උපදෙස් දී තිබේ.