ලලිත් චාමින්ද –
2022 වර්ෂය අවසානය වනවිට මෙරට ජනගහනයෙන් සියයට 68ක් පමණ ආහාර ගන්නා ප්‍රමාණය අඩුකිරිම, ආහාර වේල් ගණන අඩුකිරිම, අඩු රුචිකත්වයක් දක්වන ආහාරමත යැපිම වැනි විකල්ප ආහාර උපායමාර්ග වෙත යොමුවි ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
ලෝක ආහාර වැඩසටහනේ දුරස්ථ,ගෘහස්ථ, ආහාර සුරක්ෂිතතා, සමික්ෂණ දත්ත පදනම් කරගෙන මහ බැංකුව සඳහන් කරන්නේ ජනගහණයෙන් සියයට 85ක් මුදල් ණයට ගැනිම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සදහා වු වියදම් අඩුකිරිම, ඉතුරුම් වියදම් කිරීම හා ගෙවිමට ඇති ණය මුදල් කල්දැමිම යොමුවි ඇති බවය.
ඛේදවාචකය වන්නේ රටේ 40ක් පමණ අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා වු වියදම් කපාහැර ඇති බව මහ බැංකු වාර්තාව විසින් අනාවරණය කිරීමය.
තවද සේවා නියුක්තියෙන් වැඩිකොටසක් අවිධිමත් අංශයේ රැකියාවල නිරතව සිටින බවද මෙම සමික්ෂණ වාර්තාව මගින් පෙන්වා දි ඇත.
ජගහණයෙන් සියයට 14.3ක් දරිද්‍රතා රේඛාවට පහලින් ජිවත්වීම තුළ ආර්ථික අර්බුදයේ පීඩනය වඩාත් උග්‍රවිය හැකි බවත් එය ජනතාවගෙන් විශාල පිරිසක් දරිද්‍රතාවයට ඇද දැමිමට හේතුවිය හැකි බවත් මහ බැංකු වාර්තාවේ සදහන් වේ.