ලලිත් චාමින්ද –
රුපියල් විසි දහසක දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිත 200කට අධික සංඛ්‍යාවක් විසින් ලෙඩ නිවාඩු වාර්තා කොට ආරම්භ කරණු ලැබු වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (08) රාජ්‍ය ආයතනවල කාර්යාල කටයුතු සම්පුරණයෙන්ම ඇණහිට තිබුණි.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු සියලුම ප්‍රා දේශිය ලේකම් කාර්යාල, ගොවිජන සේවා මධ්‍යස්ථාන, පළාත් සභාවට අයත් ආයතන, ගාල්ල කාර්මික විද්‍යාලය හා ඇතුළු රාජ්‍ය ආයතනවල කටයුතු සියල්ලකම් පාහේ ඇණහිට තිබුණි.

වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මෝටර් රථ සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිම ඇතුළු සියලුම කටයුතු ඇණහිට තිබුණි. ගාල්ල කාර්මික විද්‍යලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරින් 131 දෙනාම අද ලෙඩ නිවාඩු වාර්තාකොට තිබුණි. ඇතැම් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවයට වාර්තාකොට තිබුණේ ප්‍රාදේශිය ලේකම් හා සහකාර ප්‍රා දේශිය ලේකම් පමණි. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද ජනතාව දැනුවත් විම නිසා රාජ්‍ය ආයතනවලට සිය සේවාවන් ඉටුකරගැනිම සදහා පැමිණ සිටියේ ඉතා සුළු පිරිසක් පමණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සියල්ලකම් පාහේ පාළුවට ගොස් තිබුණි. කෙසේවුවද අක්මිමන, ගාල්ල, යන සමෘද්ධි බැංකු විවෘත කොට තිබු අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවිය. වෘත්තිය සමිති නියෝජිතයින් පවසන්නේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක බවය.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ සහ පළාත් කළමණාකරණ සංගමයේ ප්‍රධාන සභාපති ප්‍රසන්න දියුණුගේ අද (08) ගාල්ලේ දි පැවති මාධ්‍ය හමුවකදි මෙසේ කිවේය.
“වෘත්තිය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථකව සිදුවෙනවා රජයේ සියලුම කාර්යාලවල පරිපාලන කටයුතු ඇණහිටලා තියෙන්නේ. රාජ්‍ය සේවය අකර්මන්‍ය වෙලා. අපි ඉල්ලන්නේ විධායක නිලධාරින්ට ලබා දුන් රුපියල් 25000ක දිමනාව සමස්ත රාජ්‍ය නිලධාරින්ට ලබාදෙන්න කියලා. ජනාධිපති තුමා කිවා දැන් රට හොද නිවරදි මාර්ගයකට ගමන් කරමින් තියෙනවා කියලා. අමාත්‍ය මණ්ඩලයේ තිරණයක් පරිදි විධායක නිලධාරින්ට රුපියල් 25000ක් ලබා දුන්නා. ජනාධිපතිතුමා කියනවා සංවර්ධන නිලධාරින් හා කළමණාකරණ නිලධාරින් වැටුප් වැඩිවිමක් ඉල්ලනවා කියලා. වැටුප් වැඩිවිමක් දෙන්න බැහැ කියනවා.අපි ඉල්ලන්නේ වැටුප් වැඩිවිමක් නෙවෙයි රුපියල් 25000 දිමනාව ලබාදෙන්න කියලා” යැයිද ප්‍රසන්න දියුණගේ කිවේය..









