ලංකාවේ පවතින පොලිස් ස්ථාන 494න් ගොඩනැගිලි 150ක් වසර 100ක් පැරණි අබලන් ගොඩනැගිලි බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර කීවේය.
පසුගිය වකවානුවේ එකම ගොඩනැගිල්ලක්වත් අලුත්වැඩියා කරගත නොහැකි වුවද මේ රජය මගින් මිලියන 2500ක් පොලිසියේ ගොඩනැගිලි අලුත්වැඩියාව සඳහා වෙන් කර ඇති බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මේ වනවිට ඒ සම්බන්ධව පිරිවිතර සකස් කර මේ වසර අවසන් වීමට පෙර එම කටයුතු ආරම්භ කරන බව කී ඇමතිවරයා පෙර නිමි තාක්ෂණය ද භාවිත කරමින් අලුත්වැඩියාව ඉක්මන් කරන බව කීවේය.