ලලිත් චාමින්ද –
ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය විමේ ප්රවනතාවය ඉහළයාම හේතුවෙන් ඉදිරි කාලසිමාව තුළ මෙරට මහජන සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්දයෙන් දැඩි බලපැමක් ඇති කළ හැකි බැව් ශ්‍රිලංකා මහබැංකුව පෙන්වා දෙයි.
මේ නිසා ඉහළ නිපුණත්වයක් සහිත වෛද්‍ය වෘත්තිකයන් සහ විශේෂඥයින් රට තුළ රදවා ගැනිමට ඉතා ඉක්මන් ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයක් ගැනිමේ අවශ්‍යතාවය මහ බැංකුව විසින් අවධාරණය කොට ඇත.
සෞඛ්‍ය අංශ සේවකයින් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා ගැනිමට අවසර ලබාදිමට රජය තින්දුකොට තිබුණි.
කෙසේවුවද රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ නිපුනතා සහිත වෘත්තිකයින්ගේ හිඟය සැලකිල්ලට ගනිමින් අතුරු ප්‍රතිපත්තියක් ලෙස වෛද්‍ය උපදේශකවරුන්, රජයේ වෛද්‍ය නිලධාරින්, දත්ත ශල්‍ය වෛද්‍යවරුන්,ලියාපදිංචි වෛද්‍ය නිලධාරින් විශ්‍රාම යන වයස් සිමාව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 12 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි වසරකින් දිර්ඝකරනු ලැබිය.