පවතින විදෙස් ගමන් තහනම නොතකා රටින් පලා යාමට උත්සාහ කරමින් සිටියදී අද (27) අලුයම ගුවන් තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා ලබන 05වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද සවස නියෝග කළේය.
ගෝබිනාත් සිවරාජා යනු දැනට විමර්ශනය කෙරෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට අදාල වංචා නඩුවකට සම්බන්ධ පුද්ගලයින් රැසක් අතර සිටින ප්‍රධාන සැකකරුවෙකි..
දැනට විමර්ශනය වන වංචා සහ දූෂණ සම්බන්ධ විත්තිකරුවෙක් වූ ගෝබිනාත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සිය සගයකු සමඟ යුරෝපයට යාමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගෙන තිබිණි..
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේහි මාධ්‍ය කළමණාකරු වුවද, ගෝබිනාත් සිවරාජා ටෙක්බෝල් (ව්‍යාපෘති කළමනාකරු) සහ ඩාන්ස් ස්පෝර්ට් (ලේකම්) වැනි මතභේදාත්මක ක්‍රීඩා ආයතන දෙකක ද සේවය කර ඇත. ඒවා මූලික වශයෙන් මෑතකදී තහනම් කරන ලද ලේඛන වලට පමණක් සීමා වූ ක්‍රීඩා සමාජ විය. ඔහුගේ සගයන් විසින් නිර්මාණය කරන ලද තවත් ලේඛනවලට පමණක් සීමා වූ වින්ටර් ස්පෝර්ට්ස් නම් ක්‍රිඩා සමාජයක් ද මේ ආකාරයෙන්ම තහනම් කර තිබිණි.
සැබෑ ලෙසම නොපවතින කඩදාසිවලට පමණක් වූ මෙම ක්‍රීඩා ආයතන වටා ඇති ආන්දෝලනයට තුඩු දුන් වංචාව වන්නේ දූෂිත ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් එකතු වී එවැනි සංගම් ඇති කර ජාත්‍යන්තර මව් ආයතනවලින් සහ දේශීය අනුග්රාහකයන්ගෙන් මුදල් ගසා කෑමය.
ඒමෙන්ම ඩාන්ස් ස්පෝට්ස් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාගේ අත්සන හොරට ගසා රුපියල් ලක්ෂ අටක මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් වංචා කිරීම සම්බන්ධ චෝදනාවක් ද මේ පුද්ගලයා වෙත ගොනු වි තිබිණි.