රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ කඩ නොමැති වීම හේතුවෙන් මේ වනවිට රට පුරා රෝගීන් 4500කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින බව සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග පවසයි.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වාර්තා කරන පරිදි රට තුළ කොවිඩ් 19 වැළඳුණු බවට තහවුරු කරගත් රෝගීන් 17795ක් මේ වනවිට සිටිති.
මින් රජයේ රෝහල්වල, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල, රජයේ අධීක්ෂණය යටතේ ඇති පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින්නේ රෝගීන් 13 043ක් පමණි.
එම දත්තවලට අනුව රෝහල් 43ක රෝගීන් 4906ක්, රජයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 19ක රෝගීන් 6051ක්, පුද්ගලික රෝහල් 13ක රෝගීන් 2086ක් ද ප්‍රතිකාර ගනිමින් සිටිති.
මේ සංඛ්‍යාලේඛණ ප්‍රකාරව කොවිඩ් රෝගීන් 4752ක් තවමත් රෝහල් හො ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් නැත.
කෙසේ වෙතත් යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මීට පෙර කියා සිටියේ නව ඇඳන් 2500ක් සංඛ්‍යාවක් සූදානම් කර ඇති බවත්, කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ තවත් ඇඳන් 5000ක් ලබා දීමට අපේක්ෂා කරන බවත්ය.