දිනසේන රතුගමග –
ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් හිමිකර දුන් මුලතිව් පදිංචි වයස අවුරුදු 72 ක අකිලා තිරුනායගී ක්‍රීඩිකාව පිළිගැනීමේ හා ඇයට සුබ පැතීමේ උත්සවයක් අද ( 29) යාපනයේදී සංවිධානය කොට තිබුණි.
යාපනය දිසාපති අම්බලවානර් සිවබාලසුන්දරම් ගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණි.
පිලිපීනයේ පැවති ජ්‍යෙෂ්ඨයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මුලතිව් මුලියාවල ගම්මානයේ පදිංචි අකිලා තිරුනායගී ක්‍රීඩිකාව රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් රටට විශාල කීර්තියක් අත්කොට දිමට සමත් වූවාය.
ඒ මීටර් 5000 හා 1500 දුර දිවීම් වලින් පලමු ස්ථානය හා මීටර් 800 තරගයෙන් තුන් වන ස්ථනය ඇය විසින් දිනා ගත්තාය.
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වූ ඇය පිළිගැනීමේදී යාපනය බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරිනියන්ද පැමිණ සිටියහ.
ඇයට මෙහිදී විශාල පිරිසක් විසින් ත්‍යාග පිරිනැමීමටද ඉදිරිපත් වී සිටියහ.
Highly appreciate this vedio clip with evidence, this is the way to educate people and authorities, if not the cussed police not conduct proper investigation. Great job