නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් දෛනික ආදායම අහිමි වූ පිරිසට රජය මගින් ලබාදුන් රුපියල් 2000 දීමනාව ලැබුණු අනුරාධපුර, තලාව,අරුණපුර ග්‍රාමයේ පිරිසක් විසින් එය ඉටුකම COVID– 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
තමා ලද දීමනාව මෙලෙස පරිත්‍යාග කර ඇත්තේ තවමත් අසීරුවෙන් ජීවිත ගෙවනා පිරිිසකි.
අනුරාධපුර, තලාව, නව හඟුරන්කෙත කොට්ඨාසයේ, අරුණපුර ග්‍රාමයේ පවුල් 25ක් රුපියල් 2,000 දීමනාවට හිමිකම් ලබා තිබුණි.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන් තමාට ලද දීමනාව කොවිඩ් අරමුදලට බැර කරන ලෙස ඔවුන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව, අරුණපුර ග්‍රාමයේ තවත් පිරිසකගේ මුදල් පරිත්‍යාගයන් ද සමග රුපියල් 87,000ක මුදලක් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර ඇත.







