රක්ෂිත භාරයේ දී ජංගම දුරකථනයක් භාවිතා කරලා… ධානිෂ් අලි දින 14ක් වැලිකඩට…

අරගලය අවස්ථාවේ දී ජාතික රූපවාහිනියට ඇතුළු වී විකාශනයට බාධා කිරීම , තර්ජනය කිරීම සහ තවත් චෝදනා කීපයකට පසුගිය 26 වැනිදා ගුවන් යානයක් තුළදී ඇත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලි බන්ධනාගාරය තුළ දි ජංගම දුරකථනයක් භාවිතා කිරීමේ වරද පිළිගැනීමෙන් අනතුරුව දින 14ක සිරදඬුවමක් නියම  කර තිබේ.

පසුගිය 27 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාගත කළ ධානිෂ් අලි වෙත මැගසින් බන්ධනාගාරය වෙත යොමු කළ ඔහුට එදිනට  ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතව තිබුණි.

එහෙත්  නව මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත භාරයේ සිටියදී බන්ධනාගාර නීති රීතිවලට අනුව නීති විරෝධී තහනම් උපකරණයක් වන ජංගම දුරකතනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී අද බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

අනතුරුව සැකකරු අදාළ චෝදනාව කොළඹ අතිරේක දිසා විනිසුරු ඉදිරියේ පිළිගැනීමෙන් පසුව වරදකරු බවට පත්වී දින 14ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


31 හැවිරිදි ධානිෂ් අලි කුරුණෑගල – වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version