කීර්ති ප්‍රනාන්දු –
රක්ෂිත බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ලඟ තිබී ජංගම දුරකථනයක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.
බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා තවත් ජේලර්වරයෙක් සමග බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින සිරමැදිරිය අසලට යනවිට මන්ත්‍රීවරයා ඔයු අත තිබූ ජංගම දුරකථනය පිටතට විසිකර ඇති බවද චන්දන ඒකානයක කියයි.
පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් එම ජංගම දුරකථනය ඔවුන් භාරයට ගෙන තිබේ.
දුරකථනය වැඩිදුර පරීක්ෂාව සඳහා බුද්ධි අංශ වෙත ලබා දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.