ලෝක බැංකු ආධාර ලෙස ලැබුණු යූරියා තොගයෙන් කොමර්ෂල් පොහොර සමාග විසින් බෙදා හරිනු ලැබූ කිලෝ 50 පොහොර මිටිවල නිසි බර නොතිබෙන්නට හේතුව තරාදි බවත්, පාරිභෝගික සේවා අධිකාරිය විසින් බර කිරා ඇත්තේ ප්‍රමිතියෙන් තොර තරාදිවලින් බව විමර්ශනයේ දී හෙළි වූ බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ බව ප්‍රකාශ කර ඇත්තේ පොහොර තොගය නිසි බර නොතිබීම සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා කොමර්ෂල් පොහොර සමාගම විසින් පත් කළ කමිටු වාර්තාවෙනි.
කෙසේ වෙතත් අනුරාධපුර විලච්චිය පේමඩුව රජයේ පොහොර ගබඩාවේ හදිසි වැටලීමක් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කරන්නේ පොහොර මිටිවල නිසි බර නොමැති බවට පාරිභෝගිකයන් සිදුකළ පැමිණිල්ලක් ප්‍රකාරවය.
මෙහිදී ගොවීන්ට බෙදා හැරීම සඳහා පැමිණි පොහොර සහිත ලොරියක සාම්පල පරීක්ෂා කිරීමේ දී නිසි බර රහිත සාම්පල 14ක් වාර්තා වූ බවත් එම පොහොර මිටිවල කිලෝ 1 -3 තෙක් අඩුවක් ප්‍රකාශ වුන බවත් පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේය.
පවතින තත්ත්වය තුළ පොහොර රාජසන්තක නොකර සාම්පල 14 පමණක් ඉදිරි නඩු කටයුතු සඳහා රැගෙන විත් තිබිණි.
කෙසේ වෙත්ත මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ වරද පාරිභෝගික සේවා අධිකාරියේ තරාදියේ බවය.