මනම්පිටිය නිමල් ජයරත්න –
-
රියදුරුට නින්ද ගිහින්… විමර්ශනවලදී අනාවරණය වෙයි
පොලොන්නරුව සුංගාවිල ප්‍රධාන මාර්ගයේ වී වේලමින් සිටි ගොවින් දෙදෙනෙකු හමුදා ට්‍රක් රථයක ගැටි සිදුවු අනතුරෙන් එම ගොවින් දෙදෙනා බරපතළ තුවාල ලබා අද (14 ) සවස පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පුලස්තිගම පොලිසිය කියයි.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ අල් හිලාල්පුර තඹාල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක් හා 55 වයසති ගොවීන් දෙදෙනෙකි.
මෙම අනතුරට හේතුව යුද හමුදා ට්‍රක් රථයේ රියැදුරුට නින්ද යෑම බවත්, රියදුරු සමග හමුදා ට්‍රක් රථය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිසිය පවසයි.
රියදුරු හෙට (15) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පුලස්තිගම පොලිසිය කියයි.
යුද හමුදා ට්‍රක් රථය මින්නේරිය කාලතුවක්කු බල සේනා මූලස්ථානයට අයත් රථයකි. රියදුරු එම කඳවුරට අනුයුක්තව සේවය කළ 49 වියති අයෙකු බවද පොලිසිය කියයි.







