දියවන්නා ඔය ආශ්‍රිතව පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටා ඇති යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙසෙන නිවස ලස්සන කිරීමට එම ඉඩම් කලාපය අයත් කුඹුක්ගහදූව තෙත් බිම, අණ පනත් උල්ලංගනය කරමින් විනාශ කරමින් සිටින බවට සමගි ජනබලවේගය චෝදනා කරයි.
මෙහි කඩොලාන බොහොමයක් පැවැති බවත් මේ වනවිට ඒවා ඉවත් කරමින් සිදුකරන මෙම විනාශය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එම පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.
එමෙන්ම එම තෙත් බිම අයත් වනජීවී අමාත්‍යාංශය අයත් අමාත්‍ය සීබී රත්නායක මහතාට ද මේ පිළිබඳ සොයාබලන්නැයි ඔහු ඉල්ලා සිටී.
එමෙන්ම මේ පිළිබඳ ජනතාවට පිළිතුරක් දෙන ලෙස ද මන්ත්‍රීවරයා යුද හමුදාපතිවරයාට ද දන්වා සිටී.
මෙම අවස්ථාවට සහභාගි වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද මෙලෙස අදහස් දැක්වීය.
“ජනතාව තුළ කවුරුහරි පරිසරය විනාශ වන දේවල් කරනවා නම් රජය තීරණයක් ගත්තා උඩු ගුවනින් ගිහින් බලා නීතිමය පියවර ගන්න. අපි ලැජ්ජා වෙනවා යුද හමුදාපතිවරයාට වෙනම නීතියකුත් ජනතාවට වෙන නීතියකුත් ක්‍රියාත්මක කිරීම ගැන. මං ළඟ වීඩියෝපට තිබෙනවා. යුද හමුදාපති එහි ජීවත් වන බවටත් මා ළඟ වීඩියෝ තිබෙනවා. පොළොන්නරුව ප්‍රදේශයෙත් මේ වගේ රාජ්‍ය දේපළ අවබාවිත වීම්, ඉඩම් විනාශ වීම් ගැන අපිට තොරතුරු තියෙනවා. ඒ ගැන අපි පසුව කියන්නම්. රටේ ජනතාව අද බිල්ලක් වෙලා තියෙනවා කොරෝනා වසංගතය නිසා. මේ 225ම යන එන තැන. අපි කිියනවා වනජීවි ඇමතිිට අපේ කලාපයේ ගෙදර හදාගෙන ඉන්න තමන් හදපු ගහකට උදලු මිට තිබ්බම පොලීසියට අරනන් යන නීති තියෙන්නේ්. තමන්ගේ බලය නිල ඇදුම පාවිච්චි කරලා මේක කරන එක ගැන අපි ලැජ්ජා වෙනවා. අපිට දුරකතන ඇමතුම් ගොඩක් ආවා. මේ ප්‍රවෘත්තිය නොකියන්න ඕන ද කියන කරුණ ගැන. අපි බයවෙන්නේ නෑ. ඒකට ඩීල් දාන ඒ්ක වසන් කරන කට්ටිය හදනවා නම් අපි කියනවා මේ පාරිසරික හානිය යටගහන්නේ කවුද කිියන එකත් අපි හෙළිකරනවා.”