කොවිඩ්-19 සෞඛ්‍ය නිර්දේශ හේතුවෙන් විවාහ මංගල්‍ය තහනම බලාත්මක වීමට මොහොතකට පෙර කොළඹ හෝටලයකදී තම සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍යයට යුද හමුදාපතිවරයා සහභාගී වී ඇති බව පවසමින් සාවද්‍ය තොරතුරු සහිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද ඡායාරූප කිහිපයක් සමාජ ජාලය තුළ සංසරණය වන බව යුද හමුදාව පවසයි.
තවමත් පාසැල් අධ්‍යාපනය ලබන යුද හමුදාපතිවරයාගේ සහෝදරියගේ දියණියන් ආරෝපණය කරන ලද ඡායාරූප සහිතව මෙම ව්‍යාජ ලෙස සකස් කළ එම සමාජ මාධ්‍ය වාර්තා යුද හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
කෙසේ වෙතත්, මෙම ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බවට විශ්වාස කරන පුද්ගලයෙකු පසුව ඔහුගේ වැරදි වාර්තාව නිවැරදි කළ බවට ද දක්නට ලැබී ඇත.
අපේ රට ද මුහුණ දී සිටින කොවිඩ්-19 වසංගතයට එරෙහි අරගලයේ යෙදී සිටින සියලු පාර්ශවකරුවන්ට උපරිම සහය ලබා දෙන අතරම මෙම තීරණාත්මක මොහොතේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමෙන් වළකින ලෙසත් යුද හමුදාව සමාජයේ සියලුම කොටස්වලින් ඉල්ලා සිටී.