දිනසේන රතුගමගේ –
යුද්ධය නිම වී වසර අටක් ගතවූ පසු වළ දමන ලද යුද සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පණිවුඩ හුවමාරු කිරීම සදහා යොදා ගන්නා ලද උපකරණ තොගයක් අද (12) මන්නාරම පේසාලේ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
පොලිසිය කියන්නේ මේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර 2017 වසරේ දී මේ ස්ථානයේ වළලන ලද බවට තොරතුරු ලැබී ඇති බවයි.
මන්නාරම නඩුගුඩා සවුත් බාර් වෙරළ තීරයේ එක් ස්ථානයක පොලව යට ඉතා සූක්ෂම ලෙස මෙම උපකරණ වළදා තිබිණි. පේසාලේ පොලීසිය මේ උපකරණ තොගය ගොඩ ගත්තේ මන්නාරම අධිකරණයෙන් ලද අධිකරණ නියෝගයකට යටත්වය.
පේසාලේ පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.