බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගයක් නිමයි… අනුලක්කා යන්න යයි!

by editor
අගෝස්තු 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී අනුල ද සිල්වා දිවි සැරියෙන් සමුගෙන ඇති බව වේදනාවෙන් යුතුව දන්වා සිටිමු.

ඇය පුවත්පත් කලාවේ ආදර්ශමත් කාන්තා චරිතය වූවාව. අප කාගේත් අනුලක්කා වූ අනුල ද සිල්වා පුවත්පත් කලාවේදිනියක ලෙස ලංකාවේ    එක් යුගයක් රූපණය කළ චරිතයකි. අසාධාරණය වෙනුවෙන් නොබියව හඬ නැගීමට තරම්  විශාල පෞරුෂයක් සහිත  කෙසඟ සිරුරකින් යුතු මේ කුඩා ගැහැණිය කලෙක හැඳින්වූයේ “ලේක් හවුසියේ යකඩ ගැහැණිය” ලෙසය.    මුලු මහත් පුවත්පත් පුවත්පත් මාධ්‍යකරුවන් තුළම ඇය පිළිබඳව තිබුණේ විශාල ගෞරවයකි.

අනුල ද සිල්වා උපත ලබන්නේ   1941 ජනවාරි 27 වැනිදා අම්බලන්ගොඩ පොල්වත්තේ දි ය. ඊයේ (11) මට්ටක්කුලිය සිය පුතනුවන්ගේ නිවසේ දී  දිවි සැරියෙන් සමුගන්නා විට ඇයගේ වයස අවුරුදු 83ක් විය.

නවකතා, යොවුන් කතා, සහ පරිවර්තන කෘති විශාල ප්‍රමාණයක් රචනා කර ඇති අනුල ද සිල්වා රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙවරක්ම හිමිකර ගත් ලේඛිකාවක් වූවාය.

1964 වසරේ 23 හැවිරිදි තරුණියක ලෙසින් පුවත්පත් කලා ජීවිතය ඇරඹූ අනුල ද සිල්වා  2001 වසරේ දී  ආයතනගත පුවත්පත් කලාවෙන් විශ්‍රාම යන විට  35 වසරකට වැඩි අත්දැකීම් ලබා තිබුණාය. ලේක්හවුසියේ ඇය වසර 18ක් සේවය කළාය.  එහිදි ලද එම අත්දැකීම් සම්භාරය ගොනු කළ කෘතියක් ඇය “බේරේ ගෙදර සිට” නමින් ලීවාය. 1982 දී   විජය නිවුස් පේපර්ස්  ආරම්භ කළ සතිපතා කාන්තා පුවත්පතවන  “සිරිකත” හි ප්‍රථම කර්තෘවරයා ඇයය.   වනිතා විත්ති සඟරාවේ ප්‍රථම කර්තෘවරිය ද ඇයය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අනුල ද සිල්වා  පුවත්පත වෙත සම්බන්ධවන විට ක්ෂේත්‍රයේ සිටියේ  අතලොස්සක් පමණ වූ පුවත්පත් කලාවේදිනියන් පිරිසකි.   අද තරම් තාක්ෂණය අතින් දියුණු තත්ත්වයක නොපැවතුන ඒ වකවානුවේ පුවත්පත් කලාවම යනු අභියෝගයකි.   විශේෂයෙන්ම කාන්තාවක වශයෙන් එහි  බරදැරීම අතිශයින්ම අමාරු කාර්යයක් වී තිබිණි. එහෙත් අනුල ද සිල්වා ආදර්ශමත් ලෙස ඒ අභියෝග කළමනාකරණය කළාය.

අප මුලින් කී ලෙස අසාධාරණයට එරෙහිව තනිව සටන් කිරීමේ අදීන පෞරුෂයක් සතුව සිටි  ඇය කලෙක ලේක්හවුසියේ යකඩ ගැහැණිය වූවාය.

පුවත්පත් කාලාවෙන් විශ්‍රාම ගිය පසු ඇය පූර්ණ කාලීනව ලේඛනයට යොමු වූවාය. ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විතවයෙහි පරිචයක් සතුව සිට ඇය සිංහල පරිවර්තන සාහිත්‍යයට අලුත් රසයක් එක් කළ ලේඛිකාවකි. ඇය විසින් පාඨකයින්ට දායද කළ  කෘති ප්‍රමාණය 125කට අධිකය.

අනුල ද සිල්වා ගේ අවසන් කටයුතු 14 වැනිදා සඳුදා පැවැත්විමට නියමිතය. අවසන් ගෞරව දැක්වීම සඳහා 13 සහ 14 දින දෙකේම ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කර තැබීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන 24 වැනිදායින් ලංකාවේ ඇති ඉතිරි කොවිඩ් එන්නත් තොගයත් කල් ඉකුත් වෙයි!

Next Post

අතුරුදන් වූ 14 හැවිරිදි දැරියක කැල්ෆෝනියාවේ නාවික හමුදා බැරැක්කයකින් සොයා ගැනීම – නාවික භටයකුට ලිංගික අතවර චෝදනා

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.