යාපනේ ප්‍රතිමාවලත් දෙමළ අපේක්ෂකයන්ගේ පෝස්ටර් අලවලා

දිනසේන රතුගමගේ:

යාපනය නගරයේ ඉදිකොට ඇති දෙමළ පඩිවරුන් කවීයන් ඇතුලු විවිධ අසහාය පුද්ගලයින්ගේ පිළිරුව වලද දෙමළ දේශපාලනඥයෝ පෝස්ටර් අලවා තිබීම පිළිබදව ජනතාවගේ විරෝධය පල වී තිබේ.

දෙමළ සාහිත්‍යයට විශාල සේවාවක් සිදු කළ භාරතී කවියාගේ පිළිරුව පුරාද පෝස්ටර් අලවා තිබේ.


පසුගිය සතියේ යාපනයේ ප්‍රධාන මාර්ග පුරාද උතුරේ දෙමළ දේශපාලනඥයෝ තීන්ත වලින් ඔවුන්ගේ සලකුණු හා අංක අදිමින් මාර්ග විනාශ කොට තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය ඒවා කලුතෙල් යොදා මකා දැමූ අතර අලුතෙන් අලවන ලද පෝස්ටර්ද ගලවා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Exit mobile version