දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙණුම ලබන සිසුන්ගෙන් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 100 කට ඉන්දීය රජයෙන් ආධාර ලබා දීමේ වැඩ සටහනක් ආරම්භ කොට තිබේ.
ඉන්දීය රජය විසින් ගන්නා ලද මේ තීරණය සම්බන්ධයෙන් දැනුම් දීමක් ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙත සිදුකර තිබේ.
ඉන්දීය ධීවර අමාත්‍ය එල්.මුරුගන් පසුගිය මාසයේ යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුබ සාධන අංශය විසින් කරණ ලද ඉල්ලීමක ප්‍රතිපලයක් වශයෙන් ඉන්දීය රජය මේ තීරණය ගෙන තිබේ.
ඉන්දීය රජයෙන් ශිෂ්‍යත්ව ආධාර ලබා දෙන සිසුන් සිය දෙනාට ඔවුන්ගේ උපාධි පාඨමාලාව අවසන් වනතුරු එම මුදල් ආධාර ලබා දීමට නියමිතය.