දිනසේන රතුගමගේ –
යාපනය බන්ධනාගාරයේ වහලයක් මතට නැගී උපවාසයක නිරත වූ පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් විජලනයට පත් වීමත් සමගම ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් වහලයෙන් බස්සවා ඊයේ (28) බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට තිබේ.
මාතර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා යාපනය බන්ධනාගාරයට යොමුකළ පසු එහි සිටීමට නොහැකි බව ප්‍රකාශ කොට වෙනත් බන්ධනාගාරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාරයේ වහලය මතට නැගී උපවාසයක නිරත වුණි.
මේ දිනවල අධික රශ්මියත් බන්ධනාගාරයේ වහලය රත් වීමත් නිසා දහවල් කාලයේදී සිරකරුවා විජලනයට පත් වී විඩාවට පත්වීම නිසා බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව වහලයෙන් බිමට බස්සවා රෝහල් ගත කොට ඇත.