දිනසේන රතුගමගේ –
යාපනය මහ නගර සභාවට අළුතින් පත් වූ නගරාධිපතිවරයා සියළු වගකීම් හා රාජකාරී පසෙක ලා සිංහලෙන් ලියන ලද නාම පුවරු දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් සිටින බව වාර්තා වේ.
යාපනය මුන්නේස්වරන් වීදියේ අළුතින් විවෘත කළ දුර ගමන් සේවා බස් නැවතුම්පලේ නාම පුවරු යෙදීමේ දී පලමුව සිංහල භාෂාවෙනුත් දෙවනුව දෙමළ භාෂාවෙනුත් තෙවනුව ඉංග්රීසී භාෂාවෙනුත් නම් යොදා තිබුණි.
යාපනයේ දේශපාලනඥයින් මේ ක්රියාවට ඉතා තදින්ම විරෝධය පල කොට වහාම මේ තත්ත්වය වෙනස් විය යුතු බවට නිලධාරීන්ට දොස් පැවරීමත් සමගම යාපනය නගරාධිපතිවරයා සියළු රාජකාරී පසෙක ලා නාම පුවරුවේ ඉහලින්ම දෙමළ භාෂාව යෙදීමේ කටයුතු සිදු කරගෙන යයි.