දිනසේන රතුගමගේ –
යාපනයේ මත්පැන් අලෙවි සැල් හිමියන් වසා තැබීමේ නියෝගයන්ට පටහැනිව කටයුතු කිරීම නිසා සියළුම මත්පැන් අලෙවි සැල්වල සියලුම දොරවල් සීල් කොට තැබීමට යාපනයේ සහකාර සුරාබදු කොමසාරිස්වරයා ඊයේ (27) දා පියවර ගෙන තිබේ.
ජූනි මස 7 වෙනිදා දක්වා මත්පැන් හල් වසා තබන ලෙස දැනුම් දී තිබුණත් යාපනයේ මත්පැන්හල් හිමියන් සවස් කාලයට හොර රහසේ පිටුපස දොරවල් විවෘත කොට අධික මිල ගණන්වලට මත්පැන් අලෙවි කිරීමේ සිද්ධීන් වාර්තා වීමත් සමගම සහකාර සුරාබදු කොමසාරිස්වරයා මේ තීරණය ගෙන තිබේ.