දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පලමු වසර ශිෂ්‍යාවක් සිය නිවස තුළම අබිරහස් ලෙස මියගොස් සිටියදී ඇගේ මළ සිරුර දෙමව්පියන් විසින් ඊයේ (11 ) දා රාත්‍රී සොයා ගෙන තිබේ.
යාපනයේ චුන්නාකම් කන්දරෝඩේ ප්‍රදේශයේ පදිංචි එස්.සාරුකා නැමති එම සිසුවිය යාපනයේ උඩුවිල් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ.
පවුලේ උදවිය මේ සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්හ කොට තිබේ.
ඇය මිය යාමට හේතුවක් හෝ ඊට වඩා වැඩි තොරතුරක් මේ දක්වා හෙළි වී නොමැත.