දිනසේන රතුගමගේ
යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ පුද්ගලයකු බාල වයස්කාර පාසල් දැරියක් දූෂණය කොට පලා ගොස් සිටියදී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගිය අවස්ථාවේදී සැකකරු ගෙළ වැළලාගෙන 11 දා මියගොස් තිබේ.
පොලිස් නිලධාරීන් ඔහු සැගව සිටි ස්ථානයට පැමිණෙනු දුටු සැකකරු ඊට මදක් දුරින් පිහිටි ගසක අත්තක ගැට ගැසූ ලණුවක ආධාරයෙන් එල්ලී තිබේ.
පොලිස් නිලධාරීන් වහාම ලණුව කපා ඔහුව කරෙයිනගර් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු වන අතර දූෂණයට ලක් කළ දැරියද එම ප්‍රදේශයේම පදිංචි පහලොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
කරෙයිනගර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.