දිනසේන රතුගමගේ –
කොරෝනා වසංගතයෙන් පසුව යාපනයේ පාසල් සිසුන් පාසල් අත්හැර යාමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කළහ.
එසේ පාසල් හැරගොස් සිටින කුඩා දරුවන් පවා යාපනයේ විවිධ ස්ථානවල විවිධ කුළී රැකියා කරමින් ළමා ශ්‍රමිකයින් බවට පත්ව සිටින බව කියා සිටි අධ්‍යාපන බලධාරීන් කොරෝනා සමයේ ඔවුන්ගේ පවුල්වල පැවති ආර්ථික දරිද්‍රතාවයන් නිසා ළමයින් විවිධ කුළී සේවාවන් වලට එක් වූ බවද සඳහන් කළේය.
කොරෝනා උවදුර අවසන් වූවත් එම ළමයින් යළි පාසල්වලට පැමිණියේ ඉතා අඩු සංඛ්‍යාවක් බවද මෙහිදී ප්‍රකාශ වුණි.
මේ අතර දැනට යාපනයේ පාසල්වල කණිෂ්ඨ ශ්‍රේණිවල ඉගෙණුම ලබන සිසුන්ට අකුරු ලිවීමට හා කියවීමට නොහැකි තත්ත්වයක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් අධ්‍යාපන බලධාරීන් මේ සඳහා ඉතා කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවයද යාපනයේ පරිපාලන නිලධාරීන්ට පෙන්වා දුන්හ.
මේ තත්ත්වය වැඩියෙන්ම දක්නට ලැබෙනේ පාසල්වල 9 වෙනි ශ්‍රේණියේ සිසුන් අතර බවද එම නිලධාරීහු කියා සිටියහ.
එම සිසුන්ට කියවීමට නොහැකි අතර ඉතා සරල වාක්‍යයක් වූවද ලිවීමට නොහැකි තත්ත්වයකට ඔවුන් පත්ව සිටින බව යාපනය දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී අධ්‍යාපන බලධාරීන් කියා සිටියහ.