දිනසේන රතුගමගේ
යාපනයේ පේදුරුතුඩුවේ තුම්බලෙයි සිට ජර්මනියේ රැකියාවකට ගොස් සිටි තරුණ යුවලක් ඊයේ ( 9 ) දා ජර්මනියේදී දුම්රියකට පැන සියදිවි හානි කරගෙන තිබේ.
මෙම යුවල මිට වසර හයකට ඉහතදී ජර්මනියට ගොස් ඇති අතර විවාහ වී ඇත්තේ මාස පහකට ඉහතදීය.
මියගිය දෙදෙනා වයස අවුරුදු 36 හා 34 වයස් කාණ්ඩ වලට අයත් බව අනාවරණය වි ඇති නමුත් ඔවුන් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.