දිනසේන රතුගමගේ –
යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉන්දීය නිලධාරීන් දෙදෙනෙකු 10 දා සවස පී.සි.ආර්. පරීක්ෂණයකට ලක් කොට ඔවුන් දෙදෙනාව ස්වයං නිරෝධායනයට ලක් කොට තිබේ.
ඉන්දියාවේ සිට පැමිණි සාරි වෙළෙන්දාට කොරෝනා රෝගය වැළදීමත් සමගම මේ නිලධාරීන් දෙදෙනා පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කොට ඇත්තේ එම නිලධාරීන් දෙදෙනා අදාල ඉන්දීය ජාතිකයාට වීසා ලබා දීමේදී ඔහු සමග සමීපව කටයුතු කිරීම නිසාවෙනි.
එම ඉන්දීය නිලධාරීන් දෙදෙනාගේ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා මේ දකවා ලැබී නොමැති බව යාපනය රෝහල සදහන් කරයි.
මේ අතර ඉන්දියානු ජාතිකයාගෙන් යාපනයේ ජනතාවට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත්දැයි සෙවීම සදහා පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කළ පුද්ගලයින් 13 දෙනාගෙන් කිසිදු අයෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය පී.කේතීස්වරන් මහතා පැවසීය.
මේ සියලුම දෙනා යාපනයේ ඉනුවිල් හා නාවාලි යන පළාත් වල පුද්ගලයින්ය. කෙසේ වෙතත් ප්‍රශ්නගත ඉන්දියානු සාරි වෙළෙන්දා ලංකාවේ සිට මාර්තු මාසයේ මුල් කාලයේ දී ආපසු ඉන්දියාවට ගොස් සිටියදී ජුනි මස ඔහු කොරෝනා රෝගයට ගොදුරු වූ බව තහවුරු වීම නිසා ඔහු මගින් ලංකාවේ පුද්ගලයන්ට කොරෝනා වැළඳීමේ සම්භාවිතාව ඉතා අඩු බව සෞඛ්‍ය අංශ පවසයි.