දිනසේන රතුගමගේ –
යාපනයේ රජ මාළිගයට ඇතුළුවීම 6 දා සිට තහනම් කොට ඇතැයි පුරා විද්‍යා නිලධාරීන් දැන්වීමක් මගින් ප්‍රප්‍රකාශ කොට තිබේ.
එම මාළිගය දැඩි ලෙස අබලන් වී ඇති නිසා එය නැරඹීමට යන පිරිසට අනතුරක් සිදුවෙතැයි යන සැකය මත පුරා විද්‍යාවිද්‍යා නිලධාරීන් එම තීරණය ගෙන ඇත.
යාපනයේ නල්ලූර් ශිව කෝවිල අසල පිහිටා ඇති මෙම රජ මාළිගාව යාපනයේ රජකළ සංගිලියන් රජු වාසය කල මාළිගාව බව විශ්වාස කෙරේකෙරේ.
එදා සිට මේ දක්වා කාලය ඇතුළත එම මාළිගය ප්‍රතිසංස්කරණයකට ලක්ව නොමැති අතර එම මාළිගයේ බොහෝ ස්ථානවලට යකඩ බට සවි කොට බිත්ති කඩා වැටීම වළක්වා ගැනීමට පියවර ගෙන තිබේ.
යාපනයේ රජ මාළිගය අබලන් වීමෙන් පසුව සංගිලියන් රජු විසින් භාවිත කරණ ලද උපකරණ යාපනය කෞතුකාගාරයේ තැන්පත් කොට ඇතඇත