කලාප ලෙස වෙන් කර විදුලිය කප්පාදු කිරීම ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
දැනට පවතින තත්ත්වය අනුව මෙගාවොට් 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ධාරිතාවට අහිමිවීම හේතුවෙන් පස්වරු 06 යේ සිට රාත්‍රී 9 යි 30 දක්වා කාලය තුළ දිවයිනේ සියලු ප්‍රදේශවල පැයකට ආසන්න කාලයක් වරින් වර විදුලිය බිඳවැටෙනු ඇත.
මේ වනවිට එක් ජනන යන්ත්‍රයක් අක්‍රීයව ඇති නොරොච්චෝලේ බලාගාරය පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වනතුරු ඉදිරි දින දහයක කාලය තුළ අවශ්‍යතාවය අනුව විදුලිය කප්පාදුවන බව රජය නිවේදනය කර තිබිණි.