නැවත දන්වන තුරු හැකි සෑම අවස්ථාවකම නිලධාරීන් නිවසේ සිට සේවයට යොදවන ලෙසත්, සේවය බිඳ නොවැටී පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පමණක් සීමිත සේවකයින් ආයතනවලට ගෙන්වන ලෙසත් උපදෙස් දෙමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය අද චක්‍රලේඛයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් පාලන ලේකම්වරුන්ට සහ දෙපර්තමේන්තු ප්‍රධානීන්ට දන්වා ඇත.
2022.06.17 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අවධානය යොමු කරමින් අද නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ දක්වා ඇත්තේ මේ කාලය තුළ උපරිමයෙන් ඉන්ධන පිරිමසා ගත හැකි ආකාරයට නිලධාරීන්ගේ ගමන් බිමන් සීමා කළ යුතු බවය.
සියලුම රැස්වීම් හා සාකච්ඡා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ද කටයුතු කළ යුතු බව රජයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට මෙයින් බාධාවක් නොවිය යුතු බව ද එහි දක්වා ඇත.