යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා…

ශම්මිලා නිතරගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලය අල්ලයි...

Shammi-Silva

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ( 2021/2023) අද ( 20) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති ක්‍රිකට් නිලවරණයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා නිතරඟයෙන් පත්විය.

විරුද්ධ පාර්ශවයෙන් තරග කිරීමට සිටි ඒ මතිවානන් ( සභාපති තනතුර), නිශාන්ත රණතුංග ( ලේකම්), බන්දුල වර්ණපුර ( උපසභාපති) ඇතුළු කණ්ඩායම මීට දින දෙකකට පෙර නිලවරණයෙන් ඉවත් වීම නිසා ශම්මි සිල්වා පාර්ශවයට මෙම නිතරග ජය ලැබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් හත්දෙනාම පත්වූයේ නිතරඟයෙනි. ෂම්මි ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති බවට තේරී පත් වූයේ දෙවන වරටය.


රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස උප සභාපති ධුර දෙකටත්, මොහාන් ද සිල්වා ප්‍රධාන ලේකම් ධූරයටත්, ක්‍රිෂාන්ත කපුවත්ත උප ලේකම් ධුරයටත් ලසන්ත වික්‍රමසිංහ භාණ්ඩාගාරිකවරයා ලෙස සහ සුජීව ගොඩලියද්ද උපභාණ්ඩාගාරික වරයා ලෙසත් නිතරඟයෙන් පත්වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරියගේ අධීක්ෂණයෙන් ක්‍රිකට් නිලවරණය පැවැත්විණි.


Exit mobile version