බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යහපාලන ආණ්ඩුව පිහිටවූ ජාතික විධායක සභාව නීතිවිරෝධී බව රනිල් පිළිගනී

by Lanka Sara Editor
සැප්තැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පිහිටවූ ජාතික විධායක සභාව නීතියක් යටතේ ස්ථාපිත නොකළ බවත් එහි ඇතැම් ක්‍රියා නීති විරෝධීව සිදුව ඇති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ නිහාල් ජයසිංහ මහතා කර ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවකු ලෙස ඊයේ දහවල් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන කොමිසම හමුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා පැය හතරකට ආසන්න කාලයක් එහි සාක්ෂි ලබා දුන්නේ ය.

ජාතික විධායක සභාව කුමන නීතියක් යටතේ ස්ථාපනය කළේ ද යන්න පිළිබඳව මෙහිදී විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ එය නීතියක් යටතේ ස්ථාපනය කළ ආයතනයක් නොවන බවයි.

විධායක සභාවේ සාමාජිකයන් ලෙස තමා ඇතුළුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හිටපු ඇමතිවරුන් වන පාඨලී චම්පික රණවක වෛද්‍ය රාජිත සේනාරත්න සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් කටයුතු කළ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

යහපාලන රජය විසින් ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටුවන ලද දූෂණ විරෝධී කමිටුවට ලැබෙන තොරතුරු මත වැටලීම් කිරීම අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න කිරීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කිරීමට පත් කිරීමට කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලබාදීම හරහා සැකකරුවන් සමාජයේ වැරදිකරුවන් ලෙස හංවඩු ගැසෙනවා නේදැයි කොමිසම වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ “දැන් බලන්න මට වෙච්ච දේ. මට බැඳුම්කර හොරා කියලා කියලනේ කියන්නේ. බැදුම්කර කොමිසමත් පාර්ලිමේන්තුවත් කියලා තියනවා ඊට මගේ සම්බන්ධයක් නැහැ කියල. නමුත් මාධ්‍ය මහත්වරු එහෙම හිතන්නේ නැහැ. චෝදනාවක් එල්ල වුණාම එහෙම වෙන එක සාමාන්‍ය දෙයක් බව කිව යුතුයි”

මේ සම්බන්ධව තවදුරටත් පිළිතුරු ලබාදෙමින් ලබාදෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “අන්තිමට මම හොරු ඇල්ලුවෙත් නැහැ. අල්ලන්න ගියපු අයත් නැහැ. ඔක්කොමල මාව දාල ගිහින්”.

දූෂණ විරෝධී ලේකම් කාර්‍යාලයට ලැබෙන පැමිණිලි අතරින් ඇතැම් ඒවා විමර්ශනයට පොලිස්පතිවරයා වෙත යොමුකර ඇතැම් විශේෂිත පැමිණිලි ඍජුවම එම කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කළේ දැයි මෙහිදී කොමිසම විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දූෂණ විරෝධී කාර්යාලය සියලු දේ විමර්ශනය නොකළ බවත් ඇතැම් කාරණා නීතිවිරෝධී බවත් ය.

නීතිවිරෝධී කටයුතු සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා ද කියා ජනාධිපති කොමිසම මෙහිදී ප්‍රශ්න කර සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් රනිල් වික්‍රමසිංහ මහතා “සුදුසු දේවල් පමණක් කරන්න තමයි උපදෙස් දුන්නේ අපි දැනගන්න ඕන මොනවද සුදුසු මොනවද සුදුසු නැත්තෙ කියන එක. සුදුසු ඒවා මොනවාදැයි බලා ඒ සම්බන්ධව උපදෙස් අරගෙන ක්‍රියාකරන්න පොලිසියට කියලා තිබ්බා”.

දූෂණ විරෝධී කමිටුවේ රැස්වීම් පැවැත්වූයේ කුමන ස්ථානයක ද කියා කොමිසම විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ නිශ්චිත කාර්යාලයක් ලබාදෙන තුරු අරලියගහ මන්දිරයේ කාර්යාලයක් ලබාදුන් බවයි.

මෙරට යුද අපරාධ සිදු වූ බවට අමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ 30/1 යෝජනාවලිය සඳහා එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා අත්සන් කළ බව එවකට අගමැතිවරයා ලෙස ඔබ දැනසිටියේ දැයි කොමිසමේ සභාපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

සභාපතිවරයාගේ පැනයට පිළිතුරු ලබාදෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු අමාත්‍ය මණ්ඩලයම එය අනුමත කළ බවයි.

කොමිසමේ සාක්ෂි ලබාදෙමින් එළියට පැමිණි අවස්ථාවේ එහි රැඳී සිටි මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු වනවාදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ ඒ සම්බන්ධව කොමිසම තමාගෙන් ප්‍රශ්න නොකළ බව වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙමින් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් නැවේ ගින්න මෙල්ල වෙයි – නැව ගැඹුරු මුහුදට ඇදීම ඇරඹෙයි

Next Post

අන්තර්ජාලයේ මේ වංචාවලට ඔබත් හසුවුණා ද?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.